Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 5 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද (4 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 68 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 5.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ආරම්භක පිතිකරු යෂෝධ ලංකා හතරේ පහර 7 ක් සමග පන්දු 18 කින් ලකුණු 43 ක් රැස්කළේය. ගාල්ල ඉනිමේ බිඳවැටුණු කඩුලු 2 ටම හිමිකම් කියනු ලැබුවේ ගයාන් වීරසිංහ විසිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 21.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 67 ක් පමණි. සෙසු පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 10 සීමාව පසුකර යෑමට අපොහොසත් වෙද්දී, අංජල බණ්ඩාර පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිනුක දිල්ෂාන් නිලකුණු ඕවර 3 ක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර දඹුල්ල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ශිරාන් ප්‍රනාන්දු නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 5 ක් යවමින් ලකුණු 10 කට කඩුලු 3 ක් දවාගත්තේය.
දඹුල්ල පිල - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 67
(අංජල බණ්ඩාර 34, දිනුක දිල්ෂාන් 12/4, ශිරාන් ප්‍රනාන්දු 10/3)
ගාල්ල පිල - ඕවර 5.5 කදී කඩුලු 2 ක් දැවී 68
(යෂෝධ ලංකා 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.