Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාලූ මොටෝක්‍රොස් ශූරයා ගයාන්

ගාලූ මොටෝක්‍රොස් ශූරයා ගයාන්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා රේසිං ධාවකයින්ගේ සංගමය සහ ගාල්ල යතුරුපැදි කී‍්‍රඩා සමාජය එක්ව සංවිධානය කළ ‘ගාලූ මොටෝක්‍රොස් 2014’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට වත්මන් ජාතික මොටෝක්‍රොස් ශූරයා වන ගයාන් සඳරුවන් සමත්විය.
ගාල්ල, අක්මීමන කෙසෙල්ගස්හේන ධාවන පථයේදී ප‍්‍රථම වරට පැවැති මෙම තරගාවලියේ, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 450 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි විවෘත සහ අවසන් තරගය ජයගනිමින් ගයාන් එම සම්මානයට හිමිකම් කීවේය.

එම කාණ්ඩයේ පළමු තරගයේදී දේෂාන් සොලංකි හමුවේද, දෙවැනි තරගයේදී ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන හමුවේද පරාජයට පත්වූ ගයාන් සඳරුවන්, අවසන් තරගයේදී නැවතත් තම සුපුරුදු තරග රටාවට අවතීර්ණ වෙමින් අනිකුත් තරගකරුවන් පසුපසට ඇද දමා තරගය ජය ගත්තේ දැඩි වර්ෂාව මධ්‍යයේය.  

එහිදී ගයාන්ට වරින් වර අභියෝගය එල්ල කිරීමට දේෂාන් සොලංකි, ඉෂාන් දසනායක, ජැක් ගුණවර්ධන, රුමීෂ බුල්ජන්ස් සහ සමීර පේ‍්‍රමරත්න යන කී‍්‍රඩකයෝ සමත්වූහ.

ඔවුන් අතරින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 450 දක්වා) මොටෝක්‍රොස්  පළමු යතුරුපැදි තරග 2 ජයගත් දේෂාන් සොලංකිගෙන් සහ ඉෂාන් දසනායකගෙන් තරගාවලිය පුරාම ගයාන්ට එල්ලවූ පීඩනය එතරම් සුලූපටු නොවීය. දේෂාන් සොලංකි ප‍්‍රධාන පෙළේ තරගාවලියකදී මෙම තරග ඉසව්ව ජයගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන්වේ.

අනිකුත් තරගකරුවන් සියලූ දෙනාම සි. ධා. 250 ක් වන යතුරුපැදි භාවිතා කරමින් මෙම තරගයට සහභාගී වෙද්දී ඉෂාන් දසනායක සි. ධා. 125 ක් වන යතුරුපැදියක් භාවිතා කරමින් එහි ජයග‍්‍රහණයට හිමිකම් කීමද කැපීපෙනෙන සිදුවීමක් ලෙස හැදින්විය හැක.

තරගාවලියේදී කී‍්‍රඩකයකු දැක්වූ ඉහළම දස්කම දක්වමින් තමන් සහභාගීවූ ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) තරග 3 ම ජයගැනීමට ගයාන්ගේ සොහොයුරු ශානුක සඳරුවන් සමත්විය.

ඉන් පළමුවැන්න අනිකුත් තරගකරුවන්ට වඩා මීටර් 200 ක පමණ ඉදිරියෙන් සිටිමින් ජයගත් ශානුක, දෙවැනි තරගය ආරම්භයේදී සිය යතුරුපැදියේ හටගෙන තිබූ කාර්මික දෝෂයක් නිසා අනිකුත් තරගකරුවන්ට වඩා තරමක් ප‍්‍රමාදවී තරගය ආරම්භ කළේය. කෙසේවූවත් පළමු වට 5 නිමාවන විට අනිකුත් තරගකරුවන් පසුකරයමින් ඉදිරියට පැමිණි ඔහු තරගය ඉතා පහසුවෙන් ජය ගත්තේය.

වයස අවුරුදු 13 න් පහළ ළමුන් සඳහා පැවැති තරග 2 ම ජය ගැනීමට වෙනුෂ්ක ටී. සිල්වා සමත්වූ අතර වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති තරග  2 හිම ජය තාරුක රුමීෂ තමන් සතු කරගත්තේය.

යතුරුපැදි තරග 17 කින් සමන්විතවූ මෙම තරගාවලියට යතුරුපැදිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවූ අතර එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගම මහතා සහභාගි විය.

තරග ප‍්‍රතිඵල      

එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 125 දක්වා) යතුරුපැදි (ආධුනික)
1 ප‍්‍රසාත් එදිරිසිංහ (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 වසන්ත කරුණාරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3 සම්පත් අතපත්තු (කවසාකි කේ. ඞී. එක්ස්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 13 න් පහළ)
1 වෙනුෂ්ක ටී. සිල්වා (යමහා වයි. ඉසෙඞ් 85)
2 ඉනුක අමේන්ද්‍ර (හොණ්ඩා සී. ආර්. 85)
3 ලක්දිනු ද සිල්වා (යමහා වයි. ඉසෙඞ් 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය
1 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)   
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 රුමීෂ බුල්ජන්ස් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ලකී ධර්මබන්දු (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 වින්ස්ටන් ඩයස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 කසුන් වික‍්‍රමාරච්චි (කවසාකි කේ. එක්ස්. 85)
2 බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
3 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 85)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 තාරුක රුමීෂ (යමහා පී. ඩබ්ලිව්. 50)
2 කේසර ගොඩගේ (යමහා පී. ඩබ්ලිව්. 50)
3 අභිෂේක් බණ්ඩාර (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) රේසිං යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 සුසන්ත තිලකරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 අමිත් සංජීව (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3 සමන් කරුණාරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)

සන්නද්ධ සේවා (සි. ධා. 100 සිට 125 දක්වා) රේසිං යතුරුපැදි
1 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය (වයස අවුරුදු 13 න් පහළ)
1 වෙනුෂ්ක ටී. සිල්වා (යමහා වයි. ඉසෙඞ් 85)
2 ඉනුක අමේන්ද්‍ර (හොණ්ඩා සී. ආර්. 85)
3 ලක්දිනු ද සිල්වා (යමහා වයි. ඉසෙඞ් 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ජැක් ගුණවරධන (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 ආර්. එම්. ශෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 තාරුක රුමීෂ (යමහා පී. ඩබ්ලිව්. 50)
2 කේසර ගොඩගේ (යමහා පී. ඩබ්ලිව්. 50)
3 සංදීප සුලක්ෂණ (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 බිනුල කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
2 කසුන් වික‍්‍රමාරච්චි (කවසාකි කේ. එක්ස්. 85)
3 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 85)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 450 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි විවෘත තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 ආර්. එම්. ශෆ්රාස් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 450 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි විවෘත සහ අවසන් තරගය
1 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
3 රුමීෂ බුල්ජන්ස් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)


අදහස් (0)

ගාලූ මොටෝක්‍රොස් ශූරයා ගයාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.