Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අරුගම්බේ සර්ෆ් කී‍්‍රඩා සමාජය සහ ‘අරුගම්බේ බීච් වෙයාර්’ එක්ව තුන්වැනි වරටත් සංවිධානය කරන රළ මත ලිස්සායාමේ තරගාවලිය අරුගම්බේ මුහුදු තීරයේදී හෙට (25 වැනිදා) ආරම්භ වෙයි. තරගාවලිය හෙට සිට 27 වැනිදා දක්වා ආරුගම් බොක්ක මුහුදු තීරයේදී පැවැත්වේ.
රළ මත ලිස්සායාමේ කී‍්‍රඩාවේ ශී‍්‍ර ලංකාවේ ජාතික තරගාවලිය ලෙසින්ද සැලකෙන මෙම තරගාවලියේ උපදේශකයන් ලෙසත් තරගාවලියේ අධීක්‍ෂණ කටයුතු සඳහාත් ඕස්ටේ‍්‍රලියානු ජාතික පිය පුතු යුවළක් වන වයින් ඞීන් මහතා සහ ඔහුගේ පුත් ජිමි ඞීන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
රළමත ලිස්සායාමේ ක‍්‍රීඩාවේ ද වෙනත් ක‍්‍රීඩාවල මෙන්ම බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බවත් මෙම ක‍්‍රීඩාවට පිවිසෙන ආධුනිකයකු පළමුවෙන්ම සාගරය පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවත් මෙම කී‍්‍රඩාවේ හිටපු ලෝක ශූරයකු වන වයින් ඞීන් මහතා පවසයි.
”විනෝදයට කරන ‘සර්ෆ්’ ක‍්‍රීඩාව සහ තරගකාරි ‘සර්ෆ්’ ක‍්‍රීඩාව ලෙස දෙකක් තියෙනවා. තරුණයකුට ක‍්‍රීඩාවට අවතීර්ණ වීමේදී බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා”
”පළමුවෙන්ම සාගරය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි” යයි ඞීන් මහතා පැවසීය.
”පාපන්දු ආදි වෙනත් ක‍්‍රීඩාවලදී මෙන්ම මෙහිදී ද පුහුණුව ඉතාම වැදගත්. වෙනත් ක‍්‍රීඩා වගේ නොවෙයි රළ, සුළඟ, හිරු එළිය ආදි දැඩි ස්වරූපයක් ගන්නා බොහෝ ස්වාභාවික වෙනස්කම් එක්ක මෙම ක‍්‍රීඩාවේදී තරග කරන්න වෙන්නවා. එය තමයි මෙහි විශේෂත්වය” යැයිද හිටපු ලෝක ශූරයා පවසයි.
”මෙය මගේ පළමු ශී‍්‍ර ලංකා සංචාරයයි”
”ශ්‍රී ලංකාවේ ‘සර්ෆ්’ ක‍්‍රීඩාව පිළිබඳව මම ඡයාරූපවලින් සහ විඩියෝ වලින් අවබෝධයක් ලබාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ප‍්‍රායෝගික අබබෝධය ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා’’ යයිද හෙතෙම පැවසීය.
”මගේ පියාට සාගරය එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා, ඔහු සාගරයට සම්බන්ධ ගොඩක් දේවල්වල නිරත වුණා”
”ඔහු ඕස්ටේ‍්‍රලියානු ‘සර්ෆ්’ කණ්ඩායම (මුහුදු රළ මත ලිස්සා යෑමේ ක‍්‍රීඩාව) නියෝජනය කළා. පියාගේ මග පෙන්වීමෙන් ඉතාමත් කුඩා කාලයේදී මාත් පිහිනුම් ඉගෙන ගත්තා. 1960 වන විට මගේ වයස අවුරුදු 7 යි. මා ‘සර්ෆ්’ ක‍්‍රීඩාව ආරම්භ කරන විට ගොඩක් ළාබාල වියේ. නිදහස් මෙන්ම ශක්තිමත් අයකු විසින් කළ යුතු මේ ක‍්‍රීඩාව මට විනෝදයක් බවට පත්වුණා” යයිද වයින් ඞීන් මහතා පැවසීය.
ඕස්ටේ‍්‍රලියානු යොවුන් ‘සර්ෆ්’ ශූරයකු වන ජිමි ඞීන් පැවසුවේ මෙය තමන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය බවත් තමන් සහ තම සොහොයුරා පියාගේ අඩි පාරේ යමින් ‘සර්ෆ්’ ක‍්‍රීඩාවට යොමු වූ බවත්ය.
”අපි මෙහිදී විනිසුරුවන් ලෙස කටයුතු කරනවා. එහිදී අපේ කාර්ය නිවැරදිව ඉටු කිරීමට ආරුගම්බේ ගොස් සැළසුම් කරනවා” යැයිද ජිමි ඞීන් වැඩි දුරටත් පැවසීය.
(යොහාන් භාසුර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.