Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (29 වැනිදා) කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. ගුජරාට් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජයග්රහණය මෙය විය.
ජයග්රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ක්රීඩකයෝ, ඕවර 17.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. විජේ ශංකර් (නොදැවී 51) සහ ඩේවිඩ් මිලර් (නොදැවී 32) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 87 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියහ.
එහිදී පන්දු 24 කට මුහුණදුන් ශංකර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 18 කදී වාර්තා වූ මිලර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 35 කින් ලකුණු 49 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් රැස්කළ අතර සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 39 කින් ලකුණු 81 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 19 කට මුහුණදුන් ඔන්ඩි්ර රසල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 179
(රහ්මනුල්ලා ගුර්බාස් 81, රිංකු සිං 19, ඔන්ඩි්ර රසල් 34, මොහොමඩ් ශාමි 33/3, නූර් අහමඩ් 21/2, ජොෂුවා ලිට්ල් 25/2)
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 17.5 කදී කඩුලු 3 කට 180
(ශුබ්මන් ගිල් 49, හර්දීක් පාණ්ඩ්යා 26, විජේ ශංකර් නොදැවී 51, ඩේවිඩ් මිලර් නොදැවී 32)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.