Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට
අයි.පී.එල්. - 2023

ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට

editorial - 2023 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩයම සමත් විය. ගුජරාට් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 9 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමටද ඔවුන්ට හැකි වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි පරාජය මෙය වන අතර මෙම පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසකම් නොලබාම ඉවත් වීමටද ඔවුන්ට සිදුවූහ.

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 64 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මොහොමඩ් සාමි ලකුණු 20 කට කඩුලු 4 ක්ද, මෝහිත් ශර්මා ලකුණු 28 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 188 ක් රැස්කළ අතර එහිදී සිය මංගල අයි.පී.එල්. ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (101) සමත් විය. පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 කටත් අඩුවෙන් දැවී යද්දී සායි සුධර්ෂන් (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිල් සමත් විය. 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 154
(හෙන්රිච් ක්ලාසන් 64, බුවනේෂ්වර් කුමාර් 27, මායන්ක් මාර්කන්ඩේ නොදැවී 18, මොහොමඩ් සාමි 20/4, මෝහිත් ශර්මා 28/4) 

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 188 
(ශුබ්මන් ගිල් 101, සායි සුදර්ශන් 47, බුවනේෂ්වර් කුමාර් 30/5) 

-036


අදහස් (0)

ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.