Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුජරාට් පිල පෙරමුණ රැකගනී

ගුජරාට් පිල පෙරමුණ රැකගනී

editorial - 2023 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 47 ක් නිමාවට පත්වන විට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව සිටියි. මේ දත්වා තරග 9 කට සහභාගි වී ඇති ගුජරාට් ක්‍රීඩකයෝ, ඉන් තරග 6 ක් ජයගෙන ඇති අතර පරාජයට පත්ව ඇත්තේ තරග 3 ක් පමණි. ඒ අනුව ඔවුහු ලකුණු 12 කට හිමිකම් කියති. 

මේ දක්වා තරග 10 කට බැගින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 5 ක් සහ පරාජයන් 4 ක් සමග ලකුණු 11 ක් බැගින් ලබාගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව ඇති අතර ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම්ද තරග 9 කට බැගින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 5 ක් සහ පරාජයන් 4 ක් ලබා ලකුණු 10 බැගින් හිමිකර ගෙන සිටිති. කෙසේ වුවත් ශුද්ධ ලකුණු වේගය අනුව එම කණ්ඩායම් 3 පිළිවෙලින් සිවුවැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල රැදී සිටිති. 

මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 23 ක් ඉතිරිව ඇති අතර එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ. 

-036 


අදහස් (0)

ගුජරාට් පිල පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.