Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන 18 වැනි ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ ලබන මාර්තු මස 3, 4 සහ 5 යන දින වලදී කොළඹ සිට යාපනය දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවත්වනු ලබන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3 කින් සමන්විත වන අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 407 කි. ඊට සහභාගී වීමට නියමිත පාපැදිකරුවන් සංඛ්‍යාව 200 කට ආසන්නය.
පිරිමි තරගයේ පළමු අදියර මාර්තු මස 3 වැනිදා පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී පුත්තලම දක්වාත් (කි. මි. 132), දෙවැනි අදියර මාර්තු 4 වැනිදා පුත්තලමේ සිට වව්නියාව දක්වාත් (කි. මි. 134), තෙවැනි අදියර මාර්තු 5 වැනිදා වව්නියාව සිට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය දක්වාත් (කි. මි. 141) පැමිණීමෙන් අවසන් වේ.
කාන්තා තරගය මාර්තු මස 5 වැනිදා පෙරවරු 8.30 ට කිලිනොච්චියෙන් ආරම්භ වී යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය දක්වා පැමිණීමෙන් අවසන් වේ. එහි දුර කිලෝ මීටර 70 කි. පාපැදි තරගකාරිනියන් 30 කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිතය.
පිරිමි තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 400,000 ක මුදලක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 300,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක්ද පිරිනැමෙන අතර සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වාද මුදල් ත්‍යාග පිරිනැමේ.
වයස 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට සහ වේගවත්ම ක්‍රීඩකයාට (ස්ප්‍රින්ට් ශූරයා) මුදල් ත්‍යාග පිරිනැමෙන අතර පිරිමි කණ්ඩායම් ශූරතාව සහ කණ්ඩායම් අනුශූරතාව සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.
දකුණු ආසියාතික රටවල ගුවන් හමුදා නියෝජනය කරන පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ආරාධනා කර ඇති බව ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෘප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.