Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදා සවාරිය තෙදිනක්
පාපැදි

ගුවන් හමුදා සවාරිය තෙදිනක්

editorial - 2022 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිලෝමීටර 400ක මුළු දුරකින් සමන්විතව අදියර දෙකකින් ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවරත් (2022) කාන්තා හා පිරිමි ඉසව් දෙකකින් සමන්විතව මාර්තු 4 – 5 – 6 යන දිනවලදී පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු යොදා තිබේ.

ගුවන් හමුදාවේ 71 වැනි මෙම වසරට යෙදී තිබෙන සංවත්සරය වෙනුවෙන් සූදානම් කෙරෙන ක්‍රීඩා වැඩසටහන් මාලාව යටතේ මෙවර පාපැදි සවාරිය සංවිධානය වන්නේ 23 වැනි වතාවටය.

ඒ අනුව මේ වන විට සූදානම් කර තිබෙන තරග සැලැස්ම අනුව මාර්තු 4 වැනිදා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ඇරඹෙන පාපැදි සවාරියේ පළමු අදියර තරගය කොළඹ සිට පුත්තලම දක්වාත්, මාර්තු 5 වැනිදා දෙවැනි අදියර තරගය පුත්තලම – අනුරාධපුරය හරහා දඹුල්ල දක්වාත් හා මාර්තු 6 වැනිදා තෙවැනි (අවසන්) අදියර තරගය දඹුල්ල, නාරම්මල, ගිරිඋල්ල හරහා පෙරළා කටුනායක ගුවන් හමුදා සංකීර්ණය වෙත ළඟාවීමෙන් ද වසර 2022 ගුවන් හමුදා පාපැදි සවාරිය නිමාවට පත්කෙරේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී රේසිං හා වයස 23න් පහළ කාණ්ඩයේ තරගකරුවන් විවෘත පිරිමි ඉසව් සඳහා තරගකරුවන් 180 දෙනකු පමණ සහභාගි කර ගැනීමට අපේක්ෂිතය.
මේ අතර ගුවන් හමුදා පාපැදි සවාරියට පසුකාලීනව එක් කළ කාන්තා ඉසව් මෙවර පැවැත්වෙන්නේ 11 වැනි වතාවටය. කිලෝමීටර 105ක් දුර ගෙවා පුත්තලම සිට කටුනායක ගුවන් හමුදා සංකීර්ණය දක්වා මෙවර ගුවන් හමුදා කාන්තා පාපැදි තරගය පැවැත්වෙන්නේ ලබන මාර්තු 6 වැනිදාය.

ඒ සඳහා තරගකාරියන් අවම 50 දෙනකු පමණ තරග සංවිධායකයෝ අපේක්ෂා කරති.

පාපැදි සවාරියේ ජයග්‍රාහකයන් හා ජයග්‍රාහිකාවන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් ඉදිරියේ අනුග්‍රාහකයන් හා සාකච්ඡා කර තීරණය කෙරෙන බව ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ ලේකම් ගුවන් කොමදෝරු කිත්සිරි ලීලාරත්න මහතා පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් සඳහා ද යොදා ගන්නා වසරේ සංවිධානය කෙරෙන ප්‍රමුඛතම පාපැදි තරගාවලියක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය රට තුළ උද්ගත වූ කොවිඩ් වසංගත තත්ත්වය මැද වුවද පසුගිය 2020 හා 2021 යන වසරවලදීත් පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයෝ සමත්වූහ.

ඒ අනුව පසුගිය (2021) වසරේ පැවති ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූයේ වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ සෙනාල්ද සිල්වා ය. කාන්තා තරගයේ ජය යුද හමුදා ක්‍රීඩිකා උදේෂනී නෙරංජනීට හිමිවූවාය.


අදහස් (0)

ගුවන් හමුදා සවාරිය තෙදිනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.