Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් හමුදාව සොල්දාදුවන් බිම දමයි

ගුවන් හමුදාව සොල්දාදුවන් බිම දමයි

Nisanka Sandeepani - 2018 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රබල යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 33-10 ක පෙරළිකාර ජයක් වාර්තා කරමින් අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තරගයේ කාගෙත් අවධානය දිනාගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේදී  සැලසුම් සහගත අයුරින් ක්‍රීඩා කළ ගුවන් හමුදා පිල ලැබුවේ තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයයි. 

ළහිරු උදයංග කුමාර තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ගුවන් හමුදා පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය චරිත් සෙනෙවිරත්න ඊට මොහොතකට පසුව පබසර හේවගේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ගුවන් හමුදා පිල ලකුණු 14-0 කින් ඉහළට ඔසවා තැබුවේය. 

පසුව සුධාරක දික්කුඹුර උත්සාහක දිනුමක් තබමින් යුද හමුදා පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට ගයාන් සාලින්ද අසමත්විය. තරගයේ පළමු භාගය නිමාවිමට පෙර ඉෂාර මධුෂාන් තැබූ උත්සාහක දිනුමත් සමග ලකුණු 19-5 කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිලට හැකිවිය.

දෙවැනි භාගය ආරම්භයේදීම සුපුන් මධුසංඛ තැබූ උත්සාහක දිනුමක් ගෝලයකට බවට ප්‍රවර්තනය කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිල ලකුණු 26-5 කින් ඉහළට ඔසවා තැබීය. ඊට මිනිත්තු කිහිපයකට පසුව උත්සාහක දිනුමක් තැබීමට යුද හමුදා පිලේ රොෂාන් සම්පත් සමත්වූවත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට ගයාන් සාලින්ද අසමත්විය. 

ගුවන් හමුදා පිලේ ජයග්‍රහණය තහවුරු කරමින් ගයන්ත ඉද්දමල්ගොඩ තැබූ උත්සාහක දිනුම චරිත් සෙනෙවිරත්න විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු තත්ත්වය 33-10 ක් විය. 

 


අදහස් (0)

ගුවන් හමුදාව සොල්දාදුවන් බිම දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.