Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට 6 ක් යති

ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට 6 ක් යති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ ‘ටෙහෙරාන්’ නුවරදී හෙට (1) ආරම්භ වන හයවැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිවයිනෙන් පිටත්ව ගියේය. නිමාලි ලියනආරච්චි (මීටර 800 - කාන්තා), හෂිනි ප්‍රසාදී (තුන්පිම්ම - කාන්තා), ජානක ප්‍රසාද් (දුර පැනීම - පිරිමි) හා උපමාලිකා රත්නකුමාරි (මීටර 400 - කාන්තා) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව සිටිති.

මෙම තරගාවලිය ටෙහෙරාන් නුවරදී තරගාවලිය රටවල් 25ක් පමණ සහභාගීත්වයෙන් හෙට සිට අනිද්දා (1, 2, 3) දක්වා පැවැත්වේ.

මෙම තරග සංචාරයට සහභාගිවීම සඳහා පසුගිය 29දා කටුනායක ගුවන් තොටුපල වෙත ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී වෙන්කර තිබූ ගුවන් ප්‍රවේශපත්‍ර අනුමත වී නොතිබීමේ සිද්ධියක් නිසා ආපසු හැරී ඒමට සිදුවූ බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ අඟහරුවාදා (30) දහවල් යළි ප්‍රශ්නය නිරාකරණය කරගනිමින් ඔවුන් දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

කෙසේ වූවත් එම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට දිනක් ඉතිරිව තිබියදී එහි යාමට තිබූ අවස්ථාව ගිලිහී යාමෙන් ටෙහෙරන් නුවර ඔවුන්ගේ පෙර පුහුණුවීම් කාලය අඩු වූ බවත් පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම තරග සංචාරයේදී කළමනාකරු හා පුහුණුකරු ලෙස පිලිප් රංජිත් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කටයුතු කරයි.

 


අදහස් (0)

ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට 6 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.