Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගේල් - කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙති

ගේල් - කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙති

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 26 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර දිල්ලිහි ෆෙරෝෂා කෝට්ලා කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.
 
ලකුණු 96 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිල  ඕවර 10.3 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කි‍්‍රස් ගේල් (නොදැවී 62) සහ විරාට් කෝලි (නොදැවී 35)  බැංගලෝර් පිලේ ජග‍්‍රහණය ඉක්මන් කළහ.

පන්දු 40 කදී වාර්තා වූ ගේල්ගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ කෝලිගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර නියමිත 20 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 95 ක් ලබාගත් අතර දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කේදර් ජාදව්, පන්දු 29 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළේය.  

වරුන් ඒරන්ගේ පන්දුවක් හමුවේ ඒ. බී. ඩිවිලියස් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙර දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක්  ඕවර 4 ක් යවමින් ලකුනු 20 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය. ඬේවිඞ් වයිස් සහ වරුන් ඒරන් කඩුලූ 2 බැගින් දවාගනිමින් දිල්ලි පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ස්ටාක්ට මනා සහයක් දුන්හ.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට ආරාධනා කළේය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල -  ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 95
(මායන්ක් අගර්වාල් 27, ජේ. පී. ඩුමිනි 13, කේදර් ජාදව් 33, මිචෙල් ස්ටාක් 20/3, ඬේවිඞ් වයිස් 18/2, වරුන් ඒරන් 24/2)
 
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල -  ඕවර 10.3 කදී කිසිවකු නොදැවී 99
(කි‍්‍රස් ගේල් නොදැවී 62, විරාට් කෝලි නොදැවී 35)

-036

 


අදහස් (0)

ගේල් - කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.