Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගේල් - ලුවිස් කොදෙව් පිල දිනවති

ගේල් - ලුවිස් කොදෙව් පිල දිනවති

Nisanka Sandeepani - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස් ගේල් (40) සහ එවින් ලුවිස්ගේ (51) පිතිහරඹයත් කාලෝස් බ්‍රැත්වේට් සහ සුනිල් නරේන්ගේ පන්දු යැවිමත් හමුවේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදි පැවැති එකම විස්සයි20 තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ (16 වැනිදා) සමත්විය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 155 ක් පමණි. එංගලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම ජේසන් රෝයී දවාගනිමින් ඔවුන්ට පීඩනයක් ඇති කිරීමට ජෙරම් ටේලර් සමත්විය.
 
ඇලෙක්ස් හේල්ස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ජෝ රූට් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 34 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. කාලෝස් බ්‍රැත්වේට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඇලෙක්ස් හේල්ස් ලකුණු 43 කට දැවී යන විට පන්දු 17 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර අටක් ඇතුළත් විය.
 
ලකුණු 68 කට කඩුලු 4 ක් දැවී අසීරූ අඩියක සිටි එංගලන්තයට යම් සහනයක් දෙමින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ජොස් බට්ලර් (30) සහ ජොනී බෙයාස්ටෝ (27) සමත්වූහ.
 
කාලෝස් බ්‍රැත්වේට් ලකුණු 20 කට කඩුලු 3 ක් සහ කෙස්රික් විලියම්ස් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕවර 4 ලකුණ 15 කට සීමා කරමින් කඩුලු දෙකක් දවාගත් සුනිල් නරේන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්විය. 
 
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඔයින් මෝගන් පන්දුවට පහරදීම සදහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 176 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. 
 
වේගවත් ආරම්භයක් ලබාගත් ක්‍රිස් ගේල් සහ එවින් ලෙවිස් පළමු කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනගා සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුවු ගේල් ලකුණු 40 කට දැවී ගියේය. දැවීයන විට පන්දු 21 කට මුහුණදුන් ගේල්ගේ ඉනිමට හයේ පහර හතරක් සහ හතරේ පහර තුනක් ඇතුළත්විය.
 
පන්දු 26 කදී සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ එවින් ලෙවිස් ලකුණු 51 ක් ලබාසිටියදී ලයම් ප්ලන්කට්ගේ පන්දුවකට ජෝ රූට් අතට උඩපන්දුවක් දෙමින් ගියේය. දැවීයන විට පන්දු 28 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසීමට ලෙවිස් සමත් විය.
අදිල් රෂීඞ් ලකුණු 25 කට කඩුලු 3 ක් සහ ලයම් ප්ලන්කට් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 176
(ක්‍රිස් ගේල් 40, එවින් ලෙවිස් 51, රෝමන් පවෙල් 28, අදිල් රෂීඞ් 25/3, ලයම් ප්ලන්කට් 27/3)
 
එංගලන්තය - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(ඇලෙක්ස් හේල්ස් 43, ජොස් බට්ලර් 30, ජොනී බෙයාස්ටෝ 27, කාලෝස් බ්‍රැත්වේට් 20/3, කෙස්රික් විලියම්ස් 35/3, සුනිල් නරේන් 15/2)
 

අදහස් (0)

ගේල් - ලුවිස් කොදෙව් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.