Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කිරීමට තමන් සූදානම් නැති බව කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පවසයි. කෙසේ වෙතත් එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීත් ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවද ක්‍රිස් ගේල් දැනුම් දී ඇතැයි කොදෙව් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන කර්ට්නි බ්‍රවුන් මහතා පැවසීය.
ඉන්දීයාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව එක්දින සහ විස්සයි-20 තරගාවලි ආරම්භ වේ. මෙම තරගාවලි එක්දින තරග 5 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විතය.
ක්‍රිස් ගේල් “බැහැ”යි කීවද කිරන් පොලාර්ඞ් සහ ඩැරන් බ්‍රාවෝ මෙම එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල හා එක්ව සිටිති.
තිස්නව හැවිරිදි ක්‍රිස් ගේල් මේ වනවිට ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරමින සිටී. ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටී-10 තරගාවලිය සඳහාත් ක්‍රීඩා කිරීමට ගේල් සූදානමින් සිටී.
කිරන් පොලාර්ඞ් අවසන් වරට කොදෙව් පිල නියෝජනය කළේ 2017 සැප්තැම්බර් මාසයේදී පැවැති විස්සයි-20 තරගයකදීය. 2016 නොවැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසුව ඞ්වේන් බ්‍රාවෝ මේ දක්වා කොදෙව් පිල නියෝජනය කර නැත.
තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඇන්ඩ්‍රි රසල් නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමට නොසිටීම නිසා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමි කරගෙන තිබේ. 25 හැවිරිදි වමත් පිතිකරුවකු වන චන්ද්‍රපෝල් හෙම්රාජ්, 21 හැවිරිදි වේග පන්දු යවන්නකු වන ඔෂේන් තෝමස් සහ ආක්‍රමණශීලී පිතිකරුවකු මෙන්ම වමතින් දඟ පන්දු යවන්නකු වන ෆේබියන් ඇලන් කොදෙව් පිලට එක්ව සිටින තරුණ ක්‍රීඩකයෝ වෙති.
කොදෙව් එක්දින සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ෆේබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, දේවේන්ද්‍ර බිෂූ, චන්ද්‍රපෝල් හෙම්රාජ්, ෂිම්රොන් හෙට්මියර්, ෂායි හෝප්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, රෝමන් පෝල්, කෙමර් රෝච්, මාලන් සැමුවෙල්ස් සහ ඔෂේන් තෝමස්
කොදෙව් විස්සයි-20 සංචිතය
කාලෝස් බ්‍රැත්වෙයිට් (නායක), ෆේබියන් ඇලන්, ඩැරන් බ්‍රාවෝ, ෂිම්රන් හෙට්මියර්, එවින් ලුවිස්, ඔබෙඞ් මැකෝයි, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, කාරී පියර්, කිරන් පොලාර්ඞ්, රෝමන් පවෙල්, දිනේෂ් රැම්ඩීන්, ඇන්ඩි්‍ර රසල්, ෂර්ෆේන් රදර්ෆර්ඞ් සහ ඔෂේන් තෝමස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.