Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව නිව්ලන්ඞ්හිදී මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව දකුණු අප‍්‍රිකානු ටෙස්ට් පිලේ නායක ගේ‍්‍රම් ස්මිත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ස්මිත් මෙවන් තීරණයක් ගෙන ඇතැය ිදකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය ඊයේ සවස නිලවශයෙන් ප‍්‍රකාශයට පත්කළේය.
මේ වන විට ටෙස්ට් තරග 117 කට ක‍්‍රීඩා කර ඇති ස්මිත් ඉන් තරග 109 කදී නායකයා ලෙස කටයුතු කර තිබේ. එහිදී තරග 53 ක් ජය ලබා ඇති ස්මිත් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ජය ලැබූ නායකයා ලෙස ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි.
වමත් පිතිකරු ගේ‍්‍රම් ස්මිත් මේ වන විට සාමාන්‍ය 48.49 ක් රඳවා ගනිමින් ටෙස්ට් ලකුණු 9,262 ක් රැස්කර ඇති අතර එයට ශතක 27 ක් සහ අර්ධ ශතක 38 ක් ඇතුළත්ව තිබේ. 33 හැවිදිරි ස්මිත් එක්දින තරග 197 කදී ශතක 10 ක් සහ අර්ධ ශතක 47 ක් සමගින් ලකුණු 6989 ක් රැස්කර තිබේ.
”මගේ ජීවිතයේ එළඹි ආමාරුම තීරණයක් බවට මෙය පත්වුණා. පසුගිය අපේ‍්‍රල් මස මගේ වළලූකර ශළ්‍යකර්මයකට ලක් කිරීමෙන් පසුව මා මේ පිළිබඳව අවධානය යොමු කරමින් සිටියේ” යැයි ගේ‍්‍රම් ස්මිත් පැවසූ බව සමුගැනීම නිල වශයෙන් ප‍්‍රකාශ කරමින් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබුණි.
වයස 18 දී ටෙස්ට් වරම් ලැබූ ස්ථානය වන නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණය සමුගැනීමටත් ඉතාමත් සුදුසු ස්ථානය බවට තමන් සිතන බව ද ස්මිත් පවසා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.