Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ‘එෆ්. 2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ ටෙනිස් ක්‍රීඩකයකු වන හර්ෂණ ගොඩමාන්න සහභාගි වන බව වාර්තා වේ. මෙම තරගාවලිය ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ අතර ජූලි මස 2 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියේ කේවල අංශයේ මූලික වටයේ තරග කාල සටහනට ගොඩමාන්නගේ නමද ඇතුළත්ව ඇති අතර එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඉතාලි ක්‍රීඩක ෆැබි්‍රසියෝ ඔර්නාගෝය. ගොඩමාන්න කැනඩාවේ වාසය කරන අතර ඩේවිස් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ඬේවිස් කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස ඔහු මෙම තරගාවලියටද සහභාගි වන බව වාර්තා වන අතර ඔහු සමගින් ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයෝද (ශාමල් දිසානායක, යසිත ද සිල්වා සහ නිෂාංගන් නඩරාජා) ඊට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියට ක්‍රීඩා කරති.
ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන විබුද විජේබණ්ඩාර සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් කේවල අංශයේ සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහාද, සංඛ අතුකොරල සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් යුගළ අංශයේ මූලික වටය සඳහාද සහභාගි වීමට නියමිතය.
මෙහි කේවල අංශයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ක්‍රීඩකයන් 32 දෙදෙනෙක් තරග වදින අතර ඉන් 8 දෙනෙක් මූලික වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය. මේ වන විට ක්‍රීඩකයන් 24 දෙනෙක් ඍජුවම මූලික වටයට සුදුසුකම් ලබා සිටින බැවින් සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් පැමිණිනෙ ක්‍රීඩකයන් 8 දෙනාද සමගින් එහිදී ක්‍රීඩකයන් 32 දෙනෙක් තරග වදිති. යුගළ අංශයේ මූලික වටයේ තරග සඳහා සහභාගි වන දෙස් විදෙස් කණ්ඩායම් සංඛ්‍යාව 16 කි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවන තරග
කේවල අංශයේ මූලික වටය
■ හර්ෂණ ගොඩමාන්න සහ ෆැබි්‍රසියෝ ඔර්නාගෝ (ඉතාලිය) අතර
■ ශාමල් දිසානායක සහ ජෝදාන් කොරියා (බ්‍රසීලය) අතර
■ යසිත ද සිල්වා සහ මාරියෝ මාර්ටිනස් (ස්පාඥ්ඥය) අතර
■ නිෂාංගන් නඩරාජා සහ මිඛායිල් කොරොවින් (රුසියාව) අතර
යුගළ අංශයේ මූලික වටය
■ හර්ෂණ ගොඩමාන්න/ශාමල් දිසානායක සහ රන්ජීත් මුරුගේසන් (ඉන්දියාව)/ඉසා මමේත්ගුලියෙව් (තුර්කමේනිස්තානය) අතර
■ යසිත ද සිල්වා/නිෂාංගන් නඩරාජා සහ චන්ද්‍රිල් සූද්/ලක්ෂිත් සූද් (ඉන්දියාව) අතර
කේවල අංශයේ සුදුසුකම් ලබාගැනීමේ වටය
■ විබුද විජේබණ්ඩාර සහ ප්‍රාජ්වල් දේව් (ඉන්දියාව) අතර
■ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් සහ චන්ද්‍රිල් සූද් (ඉන්දියාව) අතර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.