Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෝමියුලා මෝටර් රථ විශේෂයක් වන ‘ගෝ කාට්’ මෝටර් රථ තරගාවලිය මේ මස 9 සහ 10 යන දින වලදී මීරිගම ‘කැන්වේ ඔටෝඩ්‍රෝම්’ ධාවන පථයේදී පැවැත්වේ.
‘රෙඞ් බුල් කාට් ෆයිට්’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයාට රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 100,000 ක සහ රුපියල් 50,000 ක මුදල් ත්‍යාග පිරිනැමේ.
තරගාවලිය පැවැත්වෙන මීරිගම කැන්වේ ඔටෝඩ්‍රෝම් ධාවන පථය කෙළින් තීරු, හැරවුම් වංගු සහ විවිධ අනති යන තුන් ආරයෙන්ම සමන්විත වන අතර එහි වටයක දුර ප්‍රමාණය කිලෝ මීටර් 1.5 කි.
ඉකුත් වසරේ පැවැති මෙම තරගාවලියේ ජයග්‍රාහකයා බවට පත් වූ හෆ්සෙල් ප්‍රීනාට එංගලන්තයේ රෙඞ්බුල් රේසිං ගරාජය නැරඹීමටද, එංගලන්තයේ ඇති එකම ෆෝමියුලා ධාවන පථය වන සිල්වර්ස්ටෝන් ගෝන් පී ධාවන පථයෙහි මෝටර් රථයක් පැදවීමටද අවස්ථාව උදා කරගත්තේය.
ඉන්දියාවේ රේස් ක්‍රාෆ්ට් සමාගම සහ මීගමුව මෝටර් රථ ක්‍රීඩා සංගමය මෙම තරගාවලියේ නිල මෙහෙයුම්කරුවෝ ලෙස කටයුතු කරති.
www.redbull.com/kartfightsrilanka වෙබ් අඩවියට පිවිසීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ තරගාවලියට අයැදුම් කිරීමට හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.