Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී විනය කඩවන ලෙස හැසිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් 20% දඩ මුදලක් නියම කිරීමටත්, දඬුවම් ලකුණක් ලබාදීමටත් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පියවර ගත්තේය.
මොහොමඩ් සිරාජ් විසින් යවන ලද ඕස්ට්‍රේලියානු ඉනිමේ 10 වැනි ඕවරය අවසන් වීමෙන් අනතුරුව විරාට් කෝලි හිතාමතාම ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටස් වෙත ගොස් ඔහුගේ ඇගේ හැප්පෙන අයුරු දැකගත හැකි වූ අතර පසුව ඔවුන් දෙදෙනා අතර යම් බහින්බස් වීමක්ද ඇති විය. අනතුරුව සෙසු ආරම්භක පිතිකරුවා වූ උස්මාන් කවාජාගේ මැදිහත්වීමෙන් තත්වය සමතයකට පත් විය.
කෝලිගේ එම ක්‍රියාවට පිළිතුරු දීමට මෙන් ආක්‍රමණ ශීලී පිතිහරඹයක නිරත වූ 19 හැවිරිදි කොන්ස්ටස්, ජස්ප්‍රීට් බුම්රා යැවූ ඕස්ට්‍රේලියානු ඉනිමේ 11 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් රැස්කළේය. රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ දැවී යන විට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි කොන්ස්ටස් පන්දු 65 කදී ලකුණු 60 ක් ලබා සිටියේය.
එහිදී කෝලි අතින් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහායක පිරිස් සඳහා වූ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නීති පද්ධතියේ 2.12 වගන්තිය කඩවී ඇති බව තරග තීරක වරයා නිරීක්ෂණය කර තිබේ. “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු, ක්‍රීඩක සහායකයෙකු, විනිසුරුවරයෙකු, තරග තීරකයෙකු හෝ ප්‍රේක්ෂකයෙකුද ඇතුළුව වෙනත් ඕනෑම පුද්ගලයෙකු සමඟ නුසුදුසු අයුරින් හැසිරීම” එම වගන්තියට අයත් වේ.
සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක වරයා හමුවේ කෝලි වරද පිළිගෙන ඇති බැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් නොපැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. පිටියේ විනිසුරුවන් වන ජොයෙල් විල්සන්, මයිකල් ගෆ්, තෙවැනි විනිසුරු ශර්ෆුදුල්ලා ශාහිද් සහ සිවුවැනි විනිසුරු ෂෝන් ක්‍රෙග් විසින් මෙම සිදුවීම පිළිබඳව තරග තීරකවරයාට පැමිණිළි කර තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.