Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝල් මාවල්ස් හිමිකරු පාපොච්චාරණයකට සූදානම්
දහයයි-10 ක්‍රිකට්

ගෝල් මාවල්ස් හිමිකරු පාපොච්චාරණයකට සූදානම්

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රෝෂන් තුෂාර)

 

ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ගෝල් මාවල්ස් පිලේ හිමිකරුවා වන ප්‍රේම් තකාර් මහතා මේ මස 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙල මහතා අද (13 වැනිදා) නියෝග කළේය. අදාළ චෝදනාව  පිළිගන්නා බවත් තමන් ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට සූදානමින් සිටින බවත් ප්‍රේම් තකාර් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. 

ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයකු පෙළඹවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු වන ප්‍රේම් තකාර් මහතාව ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදි. 

‘ගෝල් මාවල්ස්’ කණ්ඩායම මේ දිනවල පැවැත්වෙන ටී-ටෙන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින කණ්ඩායම් කිහිපයෙන් එකකි. මෙම තරගාවලිය පෞද්ගලික හිමිකරුවන් සතු කණ්ඩායම් අතර පැවැත්වෙන්නකි. ප්‍රේම් තකාර් මහතා ගෝල් මාවල්ස් පිලේ හිමිකරුවාය. 

ගෝල් මාවල්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයකු ඔට්ටුකරුවන්ගේ උපදෙස් අනුව ක්‍රීඩා කිරීමට පොළඹවාගැනීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයා විසින් පැමිණිලි කරනු ලැබ තිබිණ. 

ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැත්වෙන ටී-ටෙන් ක්‍රිකට් තරගාවලියේදී මෙවන් කටයුතු සිදුවේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්ධන නිලධාරීහු වැඩිදුරටත් පරීක්‍ෂණ කරමින් සිටිති. 


අදහස් (1)

ගෝල් මාවල්ස් හිමිකරු පාපොච්චාරණයකට සූදානම්
  • sam Saturday, 14 December 2024 04:14 AM

    ලැජ්ජයි. මෙයා ඔවුන්ගේ රටේ නමත් කාලා, කොහොම සල්ලි කාරයෙක් වුණාද කියලත් සොයා බැලිය යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.