Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝලීය වි20 තරගාවලියට යන්න ස්මිත්ට අවසර

ගෝලීය වි20 තරගාවලියට යන්න ස්මිත්ට අවසර

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත්ට  ලබන මස කැනඩාවේ ආරම්භ වන ගෝලීය විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවසර දී ඇත.

කේප්ටවුන්හී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට හසු වීම නිසා ස්මිත්ට ඕස්ට්‍රේලියානු නායකත්වයෙන් මෙන්ම කණ්ඩායමෙන්ද ඉවත් වීමට සිදු විය. නමුත් අන්තර් සමාජ තරග සඳහා පමණක් ක්‍රීඩා කිරිමේ අවස්ථාව ස්මිත්ට හිමි වී තිබේ. 

ජූනි මස 28 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය ජූලි 16 වෙනිදා දක්වා කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන්  ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වේ. එක් කණ්ඩායමකට අවම වශයෙන් කැනඩා ක්‍රීඩකයන් සිව් දෙනෙකුවත් ඇතුළත් විය යුතුබව සංවිධායකයෝ පවසති. සෙසු ක්‍රීඩකයන් විදේශීය ක්‍රීඩකයන් විය හැකිය. 

එම නිසා ස්මිත්ට මෙම තරගාවලියේ කොටස් කරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙන  බව ඕස්ට්‍රේලියා  ක්‍රිකට් ආයතනය පවසා ඇත.  දින 19 තිස්සේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩකයන්ට අයදුම්පත් කළ හැක. 

මාස 12 ක තරග තහනමක් පැනවීමත් සමග ස්මිත් එංගලන්තයේ මාසයක පමණ කාලයක් නැවතී සිටියේය. නැවත ඕස්ට්‍රේලියාවට පැමිණි ස්මිත් දින ගණනාවකට පසු ඔහුගේ පියාගේ සහයෝගයද ඇතිව ගෘහස්ත දැල් ආවරණයක් තුළ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළේය.
 ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටින ස්මිත් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට නම් තව කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. 

- 024

 


අදහස් (0)

ගෝලීය වි20 තරගාවලියට යන්න ස්මිත්ට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.