Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චින්තන 5 වැනි තැනට

චින්තන 5 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (7 වැනිදා) පැවැති බර ඉසිලීමේ ඉසව්වකදී කිලෝ ග්‍රෑම් 77 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චින්තන විදානගේ එහි 5 වැනි ස්ථානයට පත් විය.

ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 132 ක් එසවූ චින්තන, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 166 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 298 කි.

ස්නැච් ක්‍රමයට කිලෝ ගෑම් 135 එසවීමට ගත් උත්සාහය මෙන්ම ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 168 ක් එසවීමට ගත් උත්සාහයන් දෙකද අසාර්ථක වීම නිසා චින්තනට පදක්කමක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියවේ සතිෂ් කුමාර් (කිලෝ ග්‍රෑම් 317) සමත් වූ අතර රිදී පදක්කම එංගලන්තයේ ජැක් ඔලිවර් (කිලෝ ග්‍රෑම් 312) සතුවිය.

කිලෝ ග්‍රෑම් 305 ක බරක් එසවූ ඕස්ට්‍රේලියාවේ ෆ්‍රැන්සිස්කෝ එටොවුන්ඩි එහි ලෝකඩ පදක්කම දිනාගත් අතර කැනඩාවේ නිකලස් වේකන් සිවුවැනි ස්ථානයට පත් වූයේ කිලෝ ග්‍රෑම් 299 ක බරක් ඔසවමිනි.

2006 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනාගත් චින්තන, 2010 වසරේ ඉන්දියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම දිනාගැනීමද සමත් විය.


- 036

 


අදහස් (0)

චින්තන 5 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.