Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා

චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා

Nisanka Sandeepani - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (17 වැනිදා) චෝදනා එල්ල කර තිබේ.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (16 වැනිදා) එල්ල වූ මෙම චෝදනාව නිසා කෝපාවිෂ්ටවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට පිවිසීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරග ආරම්භය පැය දෙකකට ආසන්න කාලයක් පමාවිය. අලීම් දාර් සහ ඉයන් ගෝල්ඞ් යන විනිසුරුවරුන් විසින් පන්දුව මාරු කරමින් අලුත් පන්දුවක් ලබාගත් අතර කොදෙව් කණ්ඩායමට දඬුවම් ලකුණු 5 ක් පිරීනැමීමටද පියවර ගත්බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නීති සහ රෙගුලාසී වලට අනුව 2.2.9 නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ට්ටිටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අළෙවි සහ මාධ්‍ය අංශයේ ප්‍රධානී සාමි උල් හසන් මහතා විසින් පසුව මෙම ට්විටර් පණිවුඩය ස්ථිර කරන ලදි. 

පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගැනීම නිසා මෙම නිතී උල්ලංඝණය වේ. 

පසුගිය මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයකදී ඕස්ට්‍රේලියානු  පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ් වැලි කඩදාසියකින් පන්දුව පළුදු කරන ආකාරය රූපවාහිනී කැමරාවේ සටහන් වීම නිසා දඩුවමකට ලක්වීමට සිදුවිය.

විනිසුරුවන් විසින් එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිම වැරදි දෙයක් සඳහා සම්බන්ධ නොවූ බවට කණ්ඩායම් කළමණාකාරිත්වය අපිට දැන්වූවා” යයි එම නිවේදනයේ සඳහන් වේ. 

කණ්ඩායමත් සමග පිටියට යන ලෙසත් තරගය දිගටම පවත්වාගෙන යන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙන් දුන් බවත් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරගන්නා ලෙසත් පැවසු බව එම නිවේදනයේ සඳහන්විය. තරගාවලිය තුළදී කණ්ඩායමේ සාමාජිකයින්ට කරන අයුතු දෝෂාරෝපණ වලට එරෙහිව ක්‍රීඩකයින් ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. 

 


අදහස් (0)

චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.