Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 18 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ උදේෂ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (25/03, 25/23) යුද හමුදාවේ අනස් අහමඞ් සහ සුරාජ් මධුවන්ත පරාජය කරමින් චන්දිම සහ දුලක්ෂණ එම ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ කාන්තා යුගළ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් (25/13, 25/04) ලෙස යුද හමුදාවේ මධුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවී පරාජය කරමිනි.
පිරිමි යුගළ තෙවැනි ස්ථානය යුද හමුදාවේ එම්. ෂෙරීෆ්ඩීන් සහ චරිත් මධුසංක විසින්ද, කාන්තා යුගළ තෙවැනි ස්ථානය නාවික හමුදාවේ ජෝශප් රොෂිටා සහ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තරුෂි හිමහංසිකා විසින්ද හිමිකරගනු ලැබූහ.
කොහුවල, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් තුන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටිති. තරගාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල අවසන් තරග නොවැම්බර් මස 3 සහ 4 යන දිනවලදී ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදීම පැවැත්වීමට නියමිතය.
![]() |
පිරිමි යුගල ශූරතාවය දිනාගත් උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ (මැද), අනු ශූරතාවය හිමිකරගත් සුරාජ් මධුවන්ත සහ අනස් අහමඞ් (දෙපස) සමග |
![]() |
කාන්තා යුගල ශූරතාවය දිනාගත් යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි ලියනගේ (මැද), අනු ශූරතාවය හිමිකරගත් මධුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවී (දෙපස) සමග |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.