Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා විස්සයි:20 කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු බවත් නායකත්වයෙන් ඔහු ඉවත් කළේ පීඩනයෙන් මුදවා පිතිකරුවකු වශයෙන් ඔහුගෙන් ලබාගත යුතු සේවය උපරිම ආකාරයෙන් ලබාගැනීමට බවත් ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා පවසයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (24 වැනිදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ජයසූරිය මහතා එසේ පැවසීය.
”අපි තේරීම් කමිටුවක් හැටියට දීර්ඝව සාකච්ඡා කරල තමයි මේ තීරණයට ආවේ.... අපි බැලූවා පසුගිය කාලය පුරාම චන්දිමාල් නායකත්වයේ සිටියදීම උපරිම ප‍්‍රයෝජනයක් ගන්න”
”ඒත් කාලයක් යද්දී එයාට නායකත්වයත් එක්ක කිසියම් පීඩනයක් තිබුණ බව අපි තේරුම් ගත්තා. ඒත් කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඔහුගේ තියෙන හැකියාව අපි දන්නවා. ඒ නිසා ඔහුට තිබුණ පීඩනයෙන් ඔහු නිදහස් කරලා කි‍්‍රකට් ගහන්න අවස්ථාව දෙන්නයි මේ තීරණය ගත්තේ” යයි සනත් ජයසූරිය මහතා පැවසීය.
ලසිත් මාලිංග වැනි කී‍්‍රඩකයකුගෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමත් තමන් ඇතුළු තේරීම් කමිටුවේ අරමුණ වූ බවත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා විස්සයි:20 කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන තරගාවලියේදී තරග තහනමකට ලක්වීම හේතුවෙන් නවසීලන්තයට එරෙහිව චිතගොන් නුවරදී පැවැති තරගයට කී‍්‍රඩා කළ නොහැකි විය. එම තරගයේදී වගකීම බාරගත් ලසිත් මාලිංග නවසීලන්ත පිල ලකුණු 60 කට සීමා කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයගැනීම දක්වාම නායකත්වය දුන්නේය.
ළහිරු තිරිමාන්නට උපනායකත්වය බාරදීමේදී තමන් ඇතුළු ජාතික තේරීම් කමිටුව බොහෝ දේ සලකා බැලූ බවත් ඕනෑම අවස්ථාවකට අනුකූල වන පරිදි තමන්ගේ කී‍්‍රඩා විලාසය වෙනස් කරගැනීමට සමත් වන හෙයින් තිරිමාන්න ඒ සඳහා තෝරාගත් බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
”පිතිකරු ලයිස්තුවේ වුණත් එයා (තිරිමාන්න) සෑම තැනම කී‍්‍රඩා කරනවා. ඉදිරි පෙළ පිතිකරුවෙක් ආබාධයකට ලක්වෙලා නම් එයා ඉනිම ආරම්භ කරනවා....තවත් අවස්ථාවක අංක 3 හෝ 4 පිතිකරුවකු විවේක ගැන්නුවොත් ඔහු ඒ තැන්වලත් කී‍්‍රඩා කරනවා. අංක 5 හෝ 6 වුණත් කී‍්‍රඩා කරන්න ඔහු සූදානම්”
”එයාට කිසියම් වගකීමක් බාරගෙන, ඒ වගකීමත් එක්ක කී‍්‍රඩා කරන්න පුළුවන් කී‍්‍රඩකයෙක්... ඒ වගේ කී‍්‍රඩකයන් හරි අඩුයි. එහෙම කෙනෙක් තමයි තිරිමාන්න. ඒ නිසා එයාට ඒ වගකීම බාර දෙන්න අපි තීරණය කළා” යයිද ජයසූරිය මහතා පැවසීය.
විස්සයි:20 පිලේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී චන්දිමාල් සමග සාකච්ඡුා නොකළ නමුත් ඒ සම්බන්ධයෙන් චන්දිමාල් සමග දීර්ඝව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
”පීඩනය කියන දේ මේ කී‍්‍රඩාවේ තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ට වුණත් නායකත්වය දරපු මුල් කාලයේදී කිසියම් පීඩනයක් තිබුණා. ඒත් කී‍්‍රඩකයන් වුණාම ඉක්මනින් ඒ තත්ත්වයට හුරුවෙන්න ඕනෑ. මැතිව්ස් ඉතාමත් ඉක්මනින් ඒ පීඩනයෙන් එළියට ආවා”
”එක අවස්ථාවකදි අරවින්ද ද සිල්වා අයින් කරලා මාව උපනායකයා කළා. ඊට පස්සේ ආයෙමත් මාව අයින් කරලා අරවින්දව උපනායකයා කළා... කි‍්‍රකට් කී‍්‍රඩාවේදී මේ වගේ දේවල් වෙනවා. අතීතයේදීත් ඒ දේවල් වෙලා තියෙනවා”
”කොහොම වුණත් අපි මේ දේ කළේ ඉතිහාසය දිහා බලාගෙන නෙමෙයි. ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මේ වෙලාවේ කළ යුතු හොඳම දේ ඒක නිසයි”
”චන්දිමාල් කියන්නේ ඉතාමත් හොඳ කී‍්‍රඩකයෙක්. ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තරග දිනවලා තියෙනවා. ඔහුගෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්න තමයි මේ දේ කරලා තියෙන්නේ” යයිද ජයසූරිය මහතා පැවසීය.
කෙසේ වෙතත් චන්දිමාල්ගේ පිතිකරු ස්ථානයේ වෙනසක් නොවන බවත් චන්දිමාල් තමන්ට ආවේණික පිතිහරඹයේ දිගටම නියැළෙනු ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියේදී ටෙස්ට් සහ එක්දින තරග රැසකට මුහුණ දීමට ඇති හෙයින් රංගන හේරත් අයර්ලන්ත සංචාරයට යොදා නොගත් බවද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
”ඔහුගේ දණහිස් දෙකම ශල්‍යකර්ම වලට ලක්කරලයි තියෙන්නේ... ඉදිරියේදී ඔහුගෙන් උපරිමය ගන්න නම් මේ වෙලාවේදී ඔහුව ඉතාමත් ප‍්‍රවේසමෙන් හසුරුවා ගන්න ඕනෑ” යයිද සනත් ජයසූරිය මහතා පැවසීය.
තවත් දින කිහිපයකින් ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාර සඳහා කණ්ඩායම් තේරීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම පුවත් පත් සාකච්ඡාව පැවැත්විණ. ඒ සඳහා ජාතික තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වූ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත යන මහත්වරුද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.