Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹය නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි සිවුදින පළමු පෙළ තරගයේ දෙවනි දිනය වන අද (15 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ‘කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 411 ක් ලබා ගැනීමට සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායම ඊයේ ලකුණු 265 කට දැවී ගියේය.
තරගයේ තවත් දින දෙකක්ම ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම ලකුණු 146 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන සිටින්නේ කඩුලූ දෙකක්ද අතැතිව සිටිමිනි.
පෙරදින සන්ධ්‍යාවේදී පිතිහරඹයට වන් ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වූ නමුත් නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ බර කරට ගනිමින් ලකුණු රැස්කිරීමේ යෙදුණේ අනෙක් අන්තයේ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීය.
පසුව නැගී එන වමත් පිතිකරුවකු වන චතුරංග ද සිල්වා සමග එක්වූ චන්දිමාල් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක් එක්කරමින් ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේ පළමු ඉනිමේ වාසියද තම පිලට අත්කර දෙමිනි.
පන්දු 197 කට මුහුණ දුන් චන්දිමාල් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 162ක් රැස් කර ගත් අතර පන්දු 84 කට මුහුණ දුන් චතුරංග ද සිල්වාගේ ඉනිමට හතරේ පහර 11ක් සහ 6 පහර 2 ක් ඇතුළත් විය.
දෙවැනි දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ඩිල්රුවන් පෙරේරා (නොදැවී 32) සහ විමුක්ති පෙරේරා (නොදැවී 15) පිටියේ රැඳී සිටියහ පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න පමණක් යම් තරමකට හෝ සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත්තේ ලකුණු 67 කට කඩුලූ 3 ක් දවාගනිමිනි.
ඡයාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.