Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන ‘මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව’ සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී සිටිති.
මෙම සම්මානය සඳහා ඔවුන් දෙදෙනාට අමතරව තායිලන්තයේ තිපොට්චා පුට්හාවොංගේ නමද නිර්දේශ වී ඇති අතර ලෝව වටා ක්‍රීඩා ලෝලීන්ගේ මනාප වලින් සම්මානයේ හිමිකරුවා තෝරාගැනීමට නියමිතය.
මැයි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලීන්හිදී පිතිකාරීණියන් ලෙස දැක්වූ කැපී පෙණුන දක්ෂතා හේතුවෙන් චමරි සහ හර්ෂිතා මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.
වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට අවසන් වූ පළමු එක්දින තරගයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 37 කින් ලකුණු 47 ක් රැස්කළ චමරි, දෙවැනි එක්දින තරගයේදී පන්දු 60 කින් ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
දෙවැනි එක්දින තරගයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 48 කින් ලකුණු 45 ක් රැස්කළ හර්ෂිතා, විස්සයි-20 තරග 3 දී පිළිවෙලින් ලකුණු 45 ක්, නොදැවී 29 ක් සහ නොදැවී 51 ක් රැස්කිරීමට සමත් වූවාය. පන්දු 42 කදී වාර්තා වූ ඇගේ විස්සයි-20 අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.