Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙලේදී ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රධාන සම්මාන 3 සඳහාම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නිර්දේශ වී ඇත.
එහිදී 2023 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන ‘රිචෙල් හීහූ’ සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇති චමරි, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා වන නිර්දේශිත නාම අතරටද ඇතුළත්ව සිටින්නීය.
2022 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් එංගලන්තයේ නැට් සීවර් බ්‍රන්ට් මෙවරද එම සම්මානය සඳහා නිර්දේශ වී සිටින අතර චමරිට අමතරව එම සම්මානය සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ ඕස්ටේ්‍රලියාවේ ඈෂ්ලි ගාඞ්නර් සහ බෙත් මූනිය.
නැට් සීවර් බ්‍රන්ට්, ඈෂ්ලි ගාඞ්නර් සහ නවසීලන්තයේ ඇමීලියා කේර් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා චමරි සමග තරග වදිති. වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා චමරි සමග තරග වදින්නේ එංගලන්තයේ සොෆී එක්ලෙස්ටොන්, ඕස්ටේ්‍රලියාවේ ඇලීසා පේරි සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්ය.
මේ අතර වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක නිර්දේශ වී සිටින අතර නවසීලන්තයේ රචින් රවින්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඞ් කොයෙට්සර් සහ ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් එම සම්මානය සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.