Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමීර - බිමන්දි ද්විත්ව ශූරතා දිනති
ටිභාර් මේසපන්දු ශූරතාවලිය

චමීර - බිමන්දි ද්විත්ව ශූරතා දිනති

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ටිභාර් මේසපන්දු සංගමය විසින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සහ මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමයේ ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කළ චමීර, පිරිමි යුගල අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමග එක්ව නාවික හමුදාවේ නි‍මේෂ් රංචාගොඩ සහ කොළඹ රාජකීයේ තිසස් රංචාගොඩ පරාජය කරමින් ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.

කන්තා කේවල අවසන් මහ තරගයේදී නාවික හමුදාවේ මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කළ බිමන්දි, ද්විත්ව ශූරතා දිනාගත්තේ කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි සමග එක්ව කාන්තා යුගල අවසන් මහ තරගයේදී වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි සහ නාවික හමුදාවේ හංසනී පියුමිලා පරාජය කරමිනි.

තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ නාවික හමුදාවේ නි‍මේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා විසිනි. බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 2 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් සහභාගි වූහ.

තරග ප්‍රතිඵල

පිරිමි කේවල

චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) වට 3-1 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි මේසපන්දු සංගමය) පරාජය කරන ලදි. (11/8, 11/8, 7/11, 11/8)

කාන්තා කේවල

බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) විසින් වට 3-0 ක් ලෙස මුතුමාලි ප්‍රියදර්ශනී (නාවික හමුදාව) පරාජය කරන ලදි. (11/8, 11/5, 11/6)

පිරිමි යුගල  

චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් වට 3-1 ක් ලෙස නි‍මේෂ් රංචාගොඩ (නාවික හමුදාව) සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය) පරාජය කරන ලදි. (11/5, 9/11, 11/7, 12/10)

කන්තා යුගල  

බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් වට 3-1 ක් ලෙස ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) පරාජය කරන ලදි. (13/11, 7/11, 11/8, 11/8)

මිශ්‍ර යුගල  

නි‍මේෂ් රංචාගොඩ (නාවික හමුදාව)  සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) විසින් වට 3-1 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය)  පරාජය කරන ලදි. (8/11, 11/5, 11/7, 11/6)


අදහස් (0)

චමීර - බිමන්දි ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.