Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමීර වෙනුවට අසිත කැඳවයි

චමීර වෙනුවට අසිත කැඳවයි

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අසනීප තත්වයක් හේතුවෙන් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත. 

මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 55 කට ක්‍රීඩා කර ඇති චමීර, කඩුලු 55 ක් දවාගැනීමට සමත්ව ඇති අතර එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 28.87 ක අගයක් ගනී. 2021 වසරේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීම චමීරගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ. 

චමීරගේ හිදැස පිරවීම සඳහා තවත් දකුණත් වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති අසිත එහිදී කඩුලු 2 ක් දවාගෙන තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය සටහන් වන්නේ 56.50 ක් ලෙසිනි. 


අදහස් (0)

චමීර වෙනුවට අසිත කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.