Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර පැවැති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයකදී අවිචාරාත්මකව ක්‍රීඩා කිරීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ නායකයන් දෙදෙනා වූ චාමර සිල්වාට සහ මනෝජ් දේශප්‍රියට වසර දෙකක් යනතුරු කිසිම ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විය නොහැකි පරිදි තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙනසුරාදා තීරණය කළේය. මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතුරින් චාමර සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග තුනටම සහභාගි වූ පළපුරුදු ක්‍රීඩකයෙකි.
මෙම තහනම අනුව වසර දෙකක කාලයක් යන තුරු මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ක්‍රිකට් පුහුණු කිරීම සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම තහනම් කෙරේ. ඔවුන් දෙදෙනාගෙන් චාමර සිල්වා පානදුර කණ්ඩායමේ නායකයා පමණක් නොව පුහුණුකරුවාද වෙයි.
සෙනසුරාදා (16 වැනිදා) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණයට එළැඹිණ. ඊට අමතරව පහත සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතික තීන්දුවකට එළැඹිණ.
1. චෝදනාව එල්ල වූ තරගය බල ශූන්‍ය කිරීම සහ ඊට අනුරූපව ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කිරීම.
2. තරගයක් සඳහා ගෙවනු ලබන තරග මුදල මෙම ක්‍රීඩා සමාජ දෙකින්ම ආපසු අයකරගැනීම.
3. ක්‍රීඩා සමාජ දෙකටම රුපියල් ලක්ෂ 5 ක් (500,000.00) බැගින් වූ දඩයක් නියම කිරීම.
4. මෙම තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේ සෙසු සියලුම ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට වසරක පූර්ණ ක්‍රිකට් තහනමක් (ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ක්‍රිකට් පුහුණු කිරීම සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම) පැනවීම.
5. තරගයේ නිලධාරීන් ලෙසින් කටයුතු කළ අය සම්බන්ධයෙන් නියමාකාරයෙන් කටයුතු කිරීම සඳහා විනය පරීක්‍ෂණයක් පැවැත්වීම.
ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගයක් පාවාදීම සමබන්ධයෙන් පැවැති පරීක්‍ෂණයක් (ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ මාතෘකාව) සම්බන්ධයෙන් වුවද සිද්ධියට සම්බන්ධ වූ ක්‍රීඩා සමාජ දෙකට කිසිම තහනමක් පනවා නැත. ඒ වෙනුවට ක්‍රීඩා සමාජ දෙකටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ දඩයක් නියම කර තිබේ.
ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රබල නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේද ඉහළ නිලතල දරන්නෝ වෙති.
මෙම තරගය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්‍ෂණ ආරම්භ වූවද එම පරීක්‍ෂණ දිගින් දිගටම ඇදී ගියේය. දේශීය ක්‍රිකට් ක්‍රීඩාව බාරව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති කේ. මතිවානන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්‍ෂණ අවසන්ව මාස දෙකකට ආසන්න කාලයක් ගතවූවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට විධායක කමිටුවට පියවර ගත්තේ පසුගිය සෙනසුරාදාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ මාතෘකාව අනුව මෙය ක්‍රිකට් තරගයක් පාවාදීම සමබන්ධයෙන් පැවැති පරීක්‍ෂණයක් වූවත් දෙවැනි වරටත් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සටහන් වන්නේ අදාළ කණ්ඩායම් දෙකම වරදකරුවන් කර ඇත්තේ නොමනා හැසිරීම (MISCONDUCT) සහ ක්‍රීඩාවේ ජීවගුණය ආරක්‍ෂා කරමින් ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් බවයි.
මේ වසරේ ජනවාරි 23, 24 සහ 25 දිනවලදී මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3 ක ජයක් අත්කරගත්තේය. එක් එක් දිනයන්හිදී කණ්ඩායම් දෙකම ලබාගත් ලකුණු සටහන් වන්නේ 362 යි, 208 යි සහ 607 ක් ලෙසිනි. අවසන් දිනයේ කඩුලු 25 ක් දැවී ගොස් ඇතත් දෙපිලම එක්ව ලබාගත් ලකුණු සංඛ්‍යාව 607 කි.
අවසන් දිනයේදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 243 ක් ලබා ඇත්තේ ඕවර 23 කිනි. ඉන් අනතුරුව කළුතර පී.සී.සී. පිල ඕයර 22.5 කදී ලකුණු 197 ක් ලබාගත් අතර අපේක්‍ෂිත ඉලක්කය වූ ලකුණු 167 ලබාගැනීමට පානදුර ක්‍රීඩා සමාජය මුහුණ දී ඇත්තේ ඕවර 13.4 කට පමණි. පළමු පෙළ තරගයක් වුවද අවසන් දිනයේ ලකුණු වේගය ඕවරයකදී ලකුණු 10 ත් ඉක්මවා තිබේ.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානතම (පළමු පෙළ) තරගාවලියේ ‘බී’ තලයේ තරගයකි. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කිරීමෙන් අනතුරුව පානදුර ක්‍රීඩා සමාජයට ‘බී’ තලයේම තවදුරටත් රැඳී සිටීමට සිදුවන අතර කළුතර පී.සී.සී. පිලට ලබන වසරේදීත් පළමු පෙළ තරගාවලියට ඇතුළත් නොවී ‘සරවනමුත්තු’ කුසලාන තරගාවලියේ රැඳී සිටීමට සිදුව තිබේ.
මෙම තරගයේ ප්‍රතිඵලය වලංගු වූයේ නම් පානදුර ක්‍රීඩා සමාජයට පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ තලයට උසස්වීමක් ලැබෙන අතර කළුතර පිලද සරා කුෂලාන තරගාවලිය දක්වා ඇද වැටීමෙන් වළකිනු ඇත. එහෙත් තරගයේ ප්‍රතිඵලය අවලංගු කිරීම නිසා දෙපිලේම අපේක්‍ෂා සුන්වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.