Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වූ නමුත් ඒ වෙනුවෙන් පැවැති සුපිරි වි:20 තරගාවලියේ ශූරයන් වූ ‘කඳුරට මෙරූන්ස්’ කණ්ඩායම ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලිය සඳහා සහභාග වීමට ඊයේ (13 වැනිදා) රාති‍්‍රයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කඳුරට මෙරූන්ස් කණ්ඩායම චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් සහභාගි වූ ප‍්‍රබලම කණ්ඩායම යයි එහි නායක ළහිරු තිරිමාන්න ඊයේ රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී වාර්තාකරුවන්ට පැවසීය.
මීට පෙර පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලි සඳහා වයඹ යුනයිටඞ් පිල දෙවතාක්ද ඌව නෙක්ස්ට් කණ්ඩායම වසර 2012 දීද ශී‍්‍ර ලංකාව නියෝජනය කළහ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයෙන් ඔබ්බට යාමට ඔවුන්ට නොහැකි විය.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ජාතික කණ්ඩායමේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර සහ රංගන හේරත්ද ශී‍්‍ර ලංකාව නියෝජනයන කරමින් තරගාවලියට පිවිසෙන කඳුරට මෙරූන්ස් පිලට එක්ව සිටිති. රංගන හේරත් වි:20 තරග වලදී නිරන්තරයෙන් කී‍්‍රඩා නොකරන නමුත් වාසිදායක තණතීරුවකදී ප‍්‍රතිවාදීන් අන්දමන්ද කිරීමට සමත් පන්දු යවන්නෙකි.
දඟ පන්දු යවන්නන්ගේම කණ්ඩායමක් බඳු කඳුරට මෙරූන්ස් පිලට තවත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනකු වන කෞෂාල් ලොකුආරච්චි සහ සුරාජ් රන්දිව්ද ඇතුළත්ව සිටිති.
විස්සයි/20 කි‍්‍රකට් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අජන්ත මෙන්ඩිස් පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානයේ පසුවන අතර නුවන් කුලසේකර 7 වැනි ස්ථානයේ සිටී. පිතිකරුවන් වශයෙන් කුමාර් සංගක්කාර (වි:20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 15 වැනි ස්ථානය) මෙන්ම අවස්ථානුකූලව පහර නිර්මාණය කරගනිමින් ලකුණු ලබාගැනීමේ සමත්කම් ඇති ළහිරු තිරිමාන්න, තිළිණ කණ්ඩම්බි සහ කෞෂාල් ලොකුආරච්චිද කඳුරට පිලට එක්ව සිටින හෙයින් කඳුරට පිලේ පිතිහරඹයද සවිමත් වී තිබේ.
වමත් ආරම්භක පිතිකරුවකු මෙන්ම පිට දඟ පන්දු යවන්නකුද වන ෂෙහාන් ජයසූරිය සහ වේග පන්දු යවන විමුක්ති පෙරේරා බලාපොරොත්තු තැබිය හැකි යොවුන් කී‍්‍රඩකයෝ වෙති.
”මා හිතන්නේ චැම්පියන්ස් ලීග්’ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් යන හොඳම කණ්ඩායම මේකයි”
”කුමාර් සංගක්කාර, නුවන් කුලසේකර, උපුල් තරංග හා අජන්ත මෙන්ඩිස් වගේ පළපුරුදු කී‍්‍රඩකයන් අපට ඉන්නවා. පන්දු යවන්නන් ගැන බැලූවත් එහෙමයි”
”මේක හුඟක් සමබර කණ්ඩායමක්. සංගක්කර සහ හේරත් වගේ ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන් අප සමග ඉන්න එක අපට විශාල හයියක් වගේම සතුටක්” යයිද තිරිමාන්න වාර්තාකරුවන් හමුවේ පැවසීය.
අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් දෙදෙනාට අමතරව දඟ පන්දු යැවිය හැකි පිතිකරුවන් වන ෂෙහාන් ජයසූරිය සහ මිලින්ද සිරිවර්ධනද කඳුරට පිල සමග සිටිති.
”අපේ දඟ පන්දු යවන්නන් දිහා බැලූවාම අපට ඉතාමත් හොඳ, වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඔවුන් ඉන්දියාවේදී කී‍්‍රඩා කරන්නේ වඩාත් වාසිදායක තණතීරු මතයි. අපේ ප‍්‍රතිවාදීන් වුණත් දඟ පන්දු යවන්නන් හමුවේ ඒ තරම් සාර්ථක වෙලා නෑ” යයිද තිරිමාන්න පැවසීය.
ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා කඳුරට මෙරූන්ස් පිල සන්රයිසස් හයිද්‍රාබාද් (17 වැනිදා), ෆයිස්ලාබාස් වුල්ව්ස් (18 වැනිදා) සහ ඔටාගෝ වෝල්ට්ස් (20 වැනිදා) යන කණ්ඩායම් වලට එරෙහිව කී‍්‍රඩා කළ යුතුය. ෆයිස්ලාබාස් වුල්ව්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගය පස්වරු 4.00 ට ආරම්භ වන අතර සෙසු තරග දෙකම රාතී‍්‍ර 8.00 ට ආරම්භ වීමට නියමිතය.
කඳුරට මෙරූන්ස් පිලේ පුහුණුකරුවා ලෙස චමින්ද වාස් කණ්ඩායම සමග පිටත්ව යයි.
”අපි ශී‍්‍ර ලංකාවේදී සහභාගි වුණේ තරග 4 කට විතරයි. ඒත් ඒ තරගාවලියෙදි අප ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා”
”පිතිහරඹයෙන් ගත්තත්, පන්දු යැවීමෙන් ගත්තත් අපේ කණ්ඩායම ඉතා සමබරයි. මේ තරගාවලියෙදී හොඳ දස්කම් පෙන්වීමේ ඉතාම හොඳ අවස්ථාවක් අපට තියෙනවා” යයි චමින්ද වාස් වාර්තාකරුවන්ට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.