Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිලට කඩුලු 5 ක ජයක්

චෙන්නායි පිලට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර පූනේහිදී අද (20 වැනිදා) පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 19.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සුරේෂ් රයිනා පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස් කළේය.

දීපක් චහර් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සුරේෂ් රයිනා සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ අන්කිට් රාජ්පුත් සිය ඕවර 4 එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය. රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 19.4 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 153 ක් රැස්කළේය.

හුදකලා සටනක නිරතවූ කරුන් නායර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. පන්දු 26 කට මුහුණදුන් කරුන් නායර් හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.

මුල් පෙළ පිතිකරුවන්වූ ලෝකේෂ් රාහුල්, ක්‍රිස් ගේල් සහ ඒරන් ෆින්ච් ලකුණු 16 ක් තුළ දැවීයාම හේතුවෙන් අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට අහිමිවී යාමේ අවධානමකට ලක්වී ඇත.

ඬේවිඞ් මිලර් සහ මනෝජ් තිවාරී සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක්  ගොඩනගමින් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම වැටී තිබූ ආඝාධයෙන් තරමක් දුරට සිය කණ්ඩායම ගොඩගැනීමට සමත්වූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලුංගි නිගී සිය ඕවර 4 එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 10 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය. ලුංගි නිගීට අනගි සහයක් ලබාදුන් ශර්දූල් ඨාකූර් සහ ඞ්වයින් බ්‍රාවෝ කඩුලු 2 බැගින් දවාගත්හ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් ශේන් වොට්සන් වෙනුවට ෆැෆ් ඩුප්ලේසී කණ්ඩායමට කැඳවා ඇති අතර යුවරාජ් සිං සහ මාකස් ස්ටෝයිනිස් වෙනුවට කරුන් නායර් සහ ඬේවිඞ් මිලර් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කිංග්ස් XI පන්ජාබ් - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 153
(මනෝජ් තිවාරී 35, ඬේවිඞ් මිලර් 24, කරුන් නායර් 54, ලුංගි නිගී 10/4, ශර්දූල් ඨාකූර් 33/2, ඞ්වයින් බ්‍රාවෝ 39/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.1 කදී කඩුලු 5 ක් දැවී 159
(සුරේෂ් රයිනා නොදැවී 61, දීපක් චහර් 39, අන්කිට් රාජ්පුත් 19/2, රවිචන්ද්‍රන් අශ්වින් 36/2)


අදහස් (0)

චෙන්නායි පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.