Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද (22 වැනිදා) සමත්විය. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 2 කින් පරාජයට පත්කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව හිමිවිය.
අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් පරාජයට පත්වුවද අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට ක්‍රීඩා කරමින් අවසන් තරගයට පිවිසීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් අවස්ථාව හිමිවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදීම කඩුලු 8 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ෆැෆ් ඩු ප්ලේසීස් පන්දු 42 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 62 කට කඩුලු 6 ක් දැවී දැඩි අසීරුතාවට පත්ව සිටිද හුදකලා සටනක නිරතවෙමින් හත්වැනි කඩුල්ල සදහා දීපක් චහර් සමගින් ලකුණු 30 ක සම්බන්ධතාවයක්ද අටවැනි කඩුල්ල සදහා හර්බජාන් සිං සමගින් ලකුණු 21 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ෆැෆ් ඩු ප්ලේසීස් නවවැනි කඩුල්ල සදහා ශර්දූල් ඨාකූර් සමගින් එක්ව පන්දු 8 කදී ලකුණු 27 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය සොයා ගියේය.
රෂීඞ් ඛාන් ඇතුළු පන්දු යවන්නෝ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙල්ල කිරීමට සමත්වුවද අවසන් මොහොතේ නොසීතු අයුරුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ජයග්‍රහණය උදුරා ගැනීමට ඔවුන් සමත්වූහ.
රෂීඞ් ඛාන්, සිද්ධාර්ත් කෞල් සහ සංදීප් ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
හුදකලා සටනක නිරතවූ කාලෝස් බ්‍රැත්වේට් පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම රැගෙන යාමට සමත්විය.
ලකුණු 88 කට කඩුලු 6 ක් දැවී තිබියදී හත්වැනි කඩුල්ල සඳහා එක්වූ කාලෝස් බ්‍රැත්වේට් සහ බුවනේෂ්වර් කුමාර් පන්දු 30 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ශර්දූල් ඨාකූර් පිතිකරුවන්ගේ දැඩි පහරදීමට ලක්වූ අතර අනෙක් පන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පීඩනයට පත්කිරීමට සමත්වූහ. ඕවර 4 බැගින් යැවූ ඞ්වයින් බ්‍රාවෝ ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත් අතර රවින්ද්‍ර ජදේජා ලකුණු 13 කට කඩුල්ලක් සහ ලුංගි නිදී ලකුණු 20 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් සෑම් බිලිංග්ස් වෙනුවට ෂේන් වොට්සන් කැඳවා ඇති අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට සහභාගී කරවීය.
කාසියේ වාසිය ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 139
(කාලෝස් බ්‍රැත්වේට් නොදැවී 43, කේන් විලියම්සන් 24, යුසූෆ් පතාන් 24, ඞ්වයින් බ්‍රාවෝ 25/2)
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.1 කදී කඩුලු 8 ක් දැවී 140
(ෆැෆ් ඩු ප්ලේසීස් නොදැවී 67 , සුරේෂ් රයිනා 22, රෂීඞ් ඛාන් 11/2, සිද්ධාර්ත් කෞල් 32/2 , සංදීප් ශර්මා 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.