Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිල කඩුලූ 6 කින් මුම්බායි පරදවයි

චෙන්නායි පිල කඩුලූ 6 කින් මුම්බායි පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර මුම්බායිහිදී අද (17) පැවැති තරගයෙන් චෙන්නායි පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය.

චෙන්නායි පිල ලකුණු 184 ක ඉලක්කය  ඕවර 16.4 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.  

ඞ්වේන් ස්මිත් (62) සහ බ්‍රෙන්ඩන් මැකලම් (46) පන්දු 44 කදී ලකුණු 109 ක වේගවත් ආරම්භයක් ලබා දෙමින් මුම්බායි පිල වෙතින් ජයග‍්‍රහණය උදුරා ගැනීමට අඩිතාලම දැමූහ.

ඞ්වේන් ස්මිත් පන්දු 30 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියන් ඉවත් විය.

බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 20 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් රැස් කිරීමට සමත් විය.

මුම්බායි පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 40 කට කඩුල්ලක් පමණක් දවා ගත්තේය.

පළමු පන්දුවට පහර දුන් මුම්බායි පිලේ කරන් පොලාඞ් (64) සහ රෝහිත් ශර්මා (50) පස්වැනි කඩුල්ලට පන්දු 33 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

කරන් පොලාඞ් පන්දු 30 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය. රෝහිත් ශර්මා පන්දු 31 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් ලබා පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මුම්බායි පිලේ විදේශ ක‍්‍රීඩකයන් ලෙස ලින්ඞ් සීමන්ස්, කොරි ඇන්ඩසන්, කරන් පොලාඞ් සහ ලසිත් මාලිංග ක‍්‍රීඩා කළහ.

ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නායි පිලේ විදේශ ක‍්‍රීඩකයන් ලෙස ඞ්වේන් ස්මිත්, බ්‍රෙන්ඩන් මැකලම්, ෆෆ් ඩූ ප්ලීසිස් සහ ඞ්වේන් බ‍්‍රාවෝ ක‍්‍රීඩා කළහ.


මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 184
(රෝහිත් ශර්මා 50, හර්බජාන් සිං 24, කරන් පොලාඞ් 64, අම්බාටි රයිදු 29, අෂීෂ් නෙහෙරා 23/3, ඞ්වේන් බ‍්‍රාවෝ 30/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 16.4 කදී කඩුලූ 4 ට 189
(ඞ්වේන් ස්මිත් 62, බ්‍රෙන්ඩන් මැකලම් 46, ෆෆ් ඩූ ප්ලීසිස් 11, සුරේෂ් රයිනා නොදැවී 43, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 13, හර්බජාන් සිං 44/2)

 

- 048


අදහස් (0)

චෙන්නායි පිල කඩුලූ 6 කින් මුම්බායි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.