Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිල 7 වැනි ජයත් ලබයි
අයි.පී.එල්. - 2023

චෙන්නායි පිල 7 වැනි ජයත් ලබයි

editorial - 2023 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 7 වැනි ජයග්‍රහණය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට මතීෂ පතිරණ ප්‍රමුඛ චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. එහිදී මතීෂ ලකුණු 37 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර දීපක් චාහර් ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

එහිදී රිලී රූසොව් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 37 කින් ලකුණු 35 ක් රැස්කළ අතර මනීෂ් පාණ්ඩේ පන්දු 29 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. අක්සර් පටේල්ද පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කළ නමුත් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් රැස්කළ අතර ශිවම් ඩූබේ පන්දු 12 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 25 ක් රැස්කරමින් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 9 කට මුහුණ දුන් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 20 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 140 
(පිලිප් සෝල්ට් 17, මනීෂ් පාණ්ඩේ 27, රිලී රූසොව් 35, අක්සර් පටේල් 21, මතීෂ පතිරණ 37/3, දීපක් චාහර් 28/2) 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 167 
(රුතුරාජ් ගයික්වාද් 24, අජින්ක්‍යා රහනේ 21, ශිවම් ඩූබේ 25, අම්බටි රයිඩු 23, රවින්ද්‍ර ජදේජා 21, මහේන්ද්‍ර සිං දෝනි 20, මිචෙල් මාෂ් 18/3, අක්සර් පටේල් 27/2) 

-036


අදහස් (0)

චෙන්නායි පිල 7 වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.