Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රධාන කමිටුව විසින් නිර්දේශ කර තිබෙන නව ක්‍රිකට් ව්‍යවස්ථා කෙටුම්පතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය පවත්වා ගෙන යාම සඳහා පත්කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩලයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු බාහිර පාර්ශ්ව පහකට හිමිව තිබේ. එහිදී කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට යෝජනා කර ඇති 18 දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අට දෙනෙකු මෙම පාර්ශව විසින් නිර්දේශ කෙරෙනු ඇත.
ජාතික ක්‍රීඩා සභාව, වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (සිමා), ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (ස්ලිම්) එම සෙසු බාහිර පාර්ශ්වයි. නිර්දේශ ඉදිරිපත් කිරීම ඒවායෙහි සභාපතිවරුන්ට හා නම් කරන්නන්ට පැවරේ.
අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 13 දෙනා අතරින් පස් දෙනකු පමණක් නිලවරණයේදී තෝරා ගැනෙන අතර ඉතිරි පස් දෙනා නිර්දේශ කර ගැනීමේ බලය පැවරෙන්නේ මතු නම් කෙරෙන සංගම් වෙතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය, එහිදී ඔවුන් සඳහා නිර්දේශ ඉදිරිපත් කරති.
චිත්‍රසිරි කමිටුවේ ක්‍රිකට් ව්‍යවස්ථා කෙටුම්පතින් ක්‍රිකට් ආයනයට අනු කමිටු 10ක් යෝජනා කර ඇත.
තරග, විගණන, වියදම්, නාමයෝජනා, තේරීම්, සංවර්ධන, සංචාර හා අලෙවි, නීති හා බේරුම් කරන විනය, ආයෝජන, තහනම් උත්තේජන හා දූෂණ විරෝධී යන ක්‍රිකට් ක්ෂේත්‍රයේ විෂයන් පථ ආවරණය වන පරිදි එම අනුකමිටු පත් කිරීම් කළ යුතුය. මෙම කෙටුම්පත ව්‍යවස්ථාවක් ලෙස අනුමත වන්නේ නම් මෙතෙක් පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ව්‍යුහය පූර්ණ වෙනසකට ලක්වනු ඇත.
අවසන් වරට 2023 මැයි 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී (2023-25) පත්වූ එහි විධායක සභාව අට දෙනකුට සීමා වී තිබේ.
සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, උප ලේකම් හා උප භාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට එහිදී වත්මන් ක්‍රිකට් විධායක සභාවේ උප සභාපති ධුර 3ක් ක්‍රියාත්මක වේ.
ඒ හැරෙන්නට අනු කමිටු තුනක් හා විෂයයන් හයක් සඳහා නියෝජිතයකු බැගින් ක්‍රියාත්මක වේ. නිලවරණයට සහභාගි කර ගන්නා දිස්ත්‍රික් හා අනු සංගම් ඇතුළු ක්‍රීඩා සමාජ ගණන 144ක් වේ.
A delighted SLC Supporter Friday, 10 November 2023 12:59 PM
යෝජිත නව ව්‍යවස්ථාවට අනුව, සියලුම බලවත් විධායක බලතල විශේෂයෙන් සභාපති, ලේකම්, සහකාර ලේකම්, භාණ්ඩාගාරික, නියෝජ්‍ය භාණ්ඩාගාරික බලතල ලබාදී තරු පහේ හෝටල් වල අධික පිරිවැයක් කර මුදල් නාස්ති කළා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.