Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
දඟ පන්දු යවන්නන් වන රවීන්ද්‍ර ජදේජා (65/5) සහ වොෂිංටන් සුන්දර් (81/4) එක්ව ලකුණු 235 ක් ඇතුළත නවසීලන්තය මෙල්ල කරගත්හ. එහෙත් එයින් පසු නොබෑ නවසීලන්ත පන්දු යවන්නෝ මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 8 ක් ඇතුළත ඉන්දියාවේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යවමින් නැවත වරක් තරගයේ ග්‍රහණය තමන්වෙත ඇදගත්හ.
තරගයේ ආරම්භක දිනය වූ අද (01 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය.
ඉන්දියාව ලකුණු 78 ක් ලබා සිටියදී යසස්වී ජයිස්වාල් දැවී යාමෙන් පසුව මුරකරු පිතිකරුවා ලෙසින් මොහොමඩ් සිරාජ් පිටියට පිවිසියද ඔහු මුහුණ දුන්නේ එක පන්දුවකට පමණි. ඉන්දියාවට සිදුවූ බරපතළම හානිය වූයේ විරාට් කෝලි ලකුණු 04 කට දුවද්දී දැවී යාමයි.
තරගාවලියේ පළමු තරග දෙකම දිනා තරගාවලිය ජයගෙන සිටින නවසීලන්තය අද පෙරවරුවේ පිටියට පිවිසියේ මෙම තරගයත් ජයගනිමින්, ඉන්දියාව හමුවේ පෙර නොවූ විරූ 3-0 ක තරගාවලි ජයක් අත්පත්කර ගැනීමේ රිසියෙනි.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගනිමින්, දිවා ආහාරයෙන් හෝරාවකට පමණ පසුව, කඩුලු 3 කට ලකුණු 159 ක් ලබා සිටියේ කිසිදු තර්ජනයකින් තොරවම ලකුණු ලබාගනිමිනි. එහෙත් පන්දු තුනක් ඇතුළත විල් යංග් සහ ටොම් බ්ලන්ඩ්ල් දෙදෙනාම දැවී ගියෙන් ඉන්දියානුවෝ තරගයට පිළිපන්හ. එතැන් සිට නවසීලන්තයේ අවසන් කඩුලු හතම ලකුණු 76 ක් ඇතුළත ඇද වැටුණේ වමතින් දඟ පන්දු යවන රවීන්ද්‍ර ජදේජා සහ පිට දඟ පන්දු යවන්නා එක්ව එන්න එන්නම ග්‍රහණය දැඩිකළ බැවිනි.
ඩැරිල් මිචෙල් (82) පමණක් එක් අන්තයකින් සිය කඩුල්ල රැකගෙන සිටියද වොෂිංටන් සුන්දර් හමුවේ රෝහිත් ෂර්මාට උඩපන්දුවක් දෙමින්, 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියෙන් ඉවතට ගියේය.
ජදේජා ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 14 වැනි අවස්ථාව එයයි. මේ වන විට ටෙස්ට් කඩුලු 233 ක් දවාගෙන සිටින ජදේජා ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් පස්දෙනා අතරට එක්ව සිටී.
නවසීලන්තය - පළමු ඉනිම 235 යි
(ටොම් ලෙතම් 28, විල් යංග් 71, ඩැරිල් මිචෙල් 82, ග්ලෙන් පිලිප්ස් 17, වොෂිංටන් සුන්දර් 81/4, රවීන්ද්‍ර ජදේජා 65/5)
ඉන්දියාව - කඩුලු 4 ට 86
(යසස්වී ජයිස්වාල් 30, රෝහිත් ෂර්මා 18, ෂුබ්මන් ගිල් නොදැවී 31, අජාස් පතෙල් 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.