Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව විය. අවසන් සතියේදී ලබාගත් ඡන්ද 11,459 ත් සමග තරගය ක්‍රියාත්මක වූ සති 26 පුරා ඔහු ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 72,909 කි.
නවෝද්ට වඩා ඡන්ද 37,156 ක් පසුපසින් සිටි මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි, සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ අනු ශූරතාව හිමිකරගත් අතර ඔහු ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 35,753 කි. කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ මුයිස් රෆීල් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වූයේ ඡන්ද 12,591 ක් ලබාගනිමිනි.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ ශූරතාව දිනාගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර සමත් වූයේ මුළු ඡන්ද 22,427 ක් ලබාගනිමිනි. ඔහුට වඩා ඡන්ද 4789 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විසල් නාගසේන ඡන්ද 17,638 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
බාලිකා පාසල් කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේ ඡන්ද 7608 ක් ලබාගත් රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී විසිනි. ඇයට වඩා ඡන්ද 5502 ක් පසුපසින් සිටි එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 2106 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පත් වූවාය.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත විය. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබිණ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව ඉකුත් වසරේ (2018) නොවැම්බර් මස 1 වැනිදා ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරුණු අතර එහි නිල ප්‍රතිඵල දැන් ප්‍රකාශයට පත්කර තිබේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 කසුන්දි කිනොත්මා, 141, විහාර මාවත, හෙල්විසියා වත්ත, නාරම්මල
2 ඩී. හංසනී, 55/ඩී/1, උරුවල් මාවත, කිරිල්ලවල, කඩවත
3 ගයනි සඳුනිකා, පතායල, කැප්පැටිවලාන, අලව්ව
4 ඩී. රණසිංහ, 181/2, ඉහළ කරගහමූණ, කඩවත
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.