Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති කුසලාන රග්බි තරග තියුණු මුහුණුවරකින්

ජනාධිපති කුසලාන රග්බි තරග තියුණු මුහුණුවරකින්

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙරට රග්බි ක්‍රීඩාවේ නිරත වන පළමු කොටසේ විදුහල් 16 තරග වදින ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මෙම මස 25 වැනිදා ආරම්භ වේ. තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් ආරම්භක දිනයේදී මූලික වටයේ තරග 2 ක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 

එහිදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදීද, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීද පසුවරු 4.15 ට තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. 

ඉන් අනතුරුව 26 වැනිදා පස්වරු 3.30 ට සහ පස්වරු 6.30 ට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී මූලික වටයේ තරග 2 ක් පැවැත්වෙන අතර එදිනම පස්වරු 4.15 ට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී සහ හැව්ලොක් ක්‍රීඩාංගණයේදීද මූලික වටයේ තරගය බැගින් පැවැත්වීමට නියමිතය.  

සෙසු මූලික වටයේ තරග 2 රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී සහ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 27 වැනිදා පස්වරු 4.15 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මූලික වටයේ තරගවලින් ජය ලබන කණ්ඩායම් අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී සහ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී මැයි මස 3 සහ 4 යන දිනවල පස්වරු 4.15 සිට පැවැත්වේ. 

ජනාධිපති කුසලාන සඳහා වන පළමු අවසන් පූර්ව තරගය මැයි මස 9 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදීද, දෙවැනි අවසන් පූර්ව තරගය මැයි මස 11 වැනිදා හැව්ලොක් පිටියේදීද පස්වරු 4.15 සිට පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මස 18 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය.  

මේ දක්වා පැවැති ජනාධිපති කුසලාන තරගාවලිවලදී 12 වරක් ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්ව ඇති අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල 8 වරක් ඊට හිමිකම් කියා තිබේ. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 5 වරක්ද, මහනුවර කින්ස්වුඩ් විදුහල සිවුවරක්ද ශූරතාව දිනාගෙන ඇති අතර මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය විදුහල් තෙවරක් බැගින් ශූරතාව තමන් සතුකර ගෙන ඇත. 



අදහස් (0)

ජනාධිපති කුසලාන රග්බි තරග තියුණු මුහුණුවරකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.