Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනිත්ගේ තුන් ඉරියව් දස්කම් රාගම දිනවයි
අන්තර් සමාජ පළමු පෙළ

ජනිත්ගේ තුන් ඉරියව් දස්කම් රාගම දිනවයි

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව අද (21 වැනිදා) පැවැති තරගයේදී ශතකයක් (126) ලබා ගනිමින්, කඩුලු 5 ක් දවාගැනීමට රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේ සමත් විය. 

අද පැවැති තරග 9 දීම ශතකයක් ලබාගත් එකම පිතිකරුවා මෙන්ම කඩුලු 5 ක් දවාගත් එකම පන්දු යවන්නාද ජනිත් වූ අතර ඔහුගේ එම කැපී පෙනුණ දස්කම් හමුවේ එම තරගයෙන් කුරුණෑගල යොවුන් කණ්ඩායම පරදවා ලකුණු 138 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රාගම කණ්ඩායමට හැකි විය. 

පන්දු 126 කට මුහුණදුන් ජනිත්, හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූ අතර ආරම්භක පිතිකරු නිෂාන් මධුෂංක (84) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 216 කදී ලකුණු 201 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් රාගම ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය කුරුණෑගල යොවුන් කණ්ඩායම ඕවර 37.1 ක් අවසානයේ ලකුණු 158 කට සීමා කිරීමට ජනිත් ප්‍රමුඛ රාගම පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී ඕවර 8 ක් යැවූ ජනිත්, ලකුණු 29 කට කඩුලු 5 ක් බිඳහෙළීය. කුරුණෑගල යොවුන් සුනුවිසුණු කර දැමීම සඳහා ජනිත්ට අනගි සහායක් දුන් නිපුන් මාලිංග සහ ශෂික දුල්ෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ. 

අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල, මීගමුව, සී.සී.සී., යුද හමුදා, බ්ලූම්ෆීල්ඞ්, බදුරලිය, එස්.එස්.සී. සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ සමත් වූ අතර ඔවුන් හමුවේ පිළිවෙලින් සෙබස්තියනයිට්ස්, පොලිස්, මුවර්ස්, මහනුවර රේගු, පානදුර, එන්.සී.සී., ඒස් කැපිටල් සහ ගුවන් හමුදා යන ක්‍රීඩා සමාජය පරාජයට පත් විය. 

එහිදී ගාල්ල පිලේ ඉරෝෂ් සමරසූරිය (62), බුද්ධික හසරංග (නොදැවී 59), එන්.සී.සී. පිලේ කමිල් මිෂාර (51), අහන් වික්‍රමසිංහ (52), කුරුණෑගල යොවුන් පිලේ නවීන් ප්‍රනාන්දු (63), සෙබස්තියනයිට්ස් පිලේ තෙවිඳු ප්‍රනාන්දු (50), මීගමුව පිලේ පසිඳු ලක්ෂංක (52), සී.සී.සී. පිලේ මිනෝද් භානුක (76), පානදුර පිලේ හෂේන් රාමනායක (57), බදුරලිය පිලේ පර්වේස් රසූල් (69), එස්.එස්.සී. පිලේ චරිත් අසලංක (64) සහ ද්‍රවිඩ සංගම් පිලේ රවිඳු ප්‍රනාන්දු (නොදැවී 50) අර්ධ ශතක ලබාගත්හ. 


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
රාගම පිලට ලකුණු 138 ක ජයක් 
රාගම පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 296 
(නිෂාන් මධුෂංක 84, ජනිත් ලියනගේ 126, අවිෂ්ක තරිඳු 15, බිනුර ප්‍රනාන්දු 36, චමින්ද බණ්ඩාර 77/4, සමීර සඳමාල් 51/3) 
කුරුණෑගල යොවුන් පිල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 158 
(සනෝජ් දර්ෂික 34, නවීන් ප්‍රනාන්දු 63, ජනිත ලියනගේ 29/5, නිපුන් මාලිංග 26/2, ශෂික දුල්ෂාන් 34/2) 


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
ගාල්ල පිලට කඩුලු 5 ක ජයක් 
සෙබස්තියනයිට්ස් පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 204 
(රවිජ සඳරුවන් 32, දුෂාන් විමුක්ති 39, තෙවිඳු ප්‍රනාන්දු 50, චාමික එදිරිසිංහ 16, ඉසිත විජේසුන්දර 22, තරින්ද ගුරුගේ 29/3, පසිඳු මධුෂාන් 43/3, මිහිරංග සිල්වා 43/2) 
ගාල්ල පිල - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 207 
(විශ්ව විජේරත්න 21, ඉරෝෂ් සමරසූරිය 62, ශාලිත් ප්‍රනාන්දු 23, බුද්ධික හසරංග නොදැවී 59, පසිඳු මධුෂාන් 16, තරින්ද ගුරුගේ නොදැවී 15, ඉසිත විජේසුන්දර 31/2, දුෂාන් විමුක්ති 33/2) 


කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී 
මීගමුව පිලට කඩුලු 7 ක ජයක් 
පොලිස් පිල ඕවර 45 කදී - කඩුලු 8 ක් දැවී 123 
(රන්දුනු ගංගානාත් 18, විෂාද් රන්දික 21, දනාල් හේමනන්ද නොදැවි 40, දනුෂ්ක සඳරුවන් 19/3, චනුර ප්‍රනාන්දු 23/3) 
මීගමුව පිල ඕවර 26.4 කදී - කඩුලු 3 ක් දැවී 127  
(ඩිල්ෂාන් මුණවීර 36, පසිඳු ලක්ෂංක 52, ඇංජලෝ ජයසිංහ 20) 


කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. පිලට කඩුලු 2 ක ජයක් 
මුවර්ස් පිල ඕවර 44 කදී - සියලු දෙනා දැවී 158  
(මොහොමඞ් ශමාෂ් 15, සොහාන් ද ලිවේරා 31, රමේෂ් මෙන්ඩිස් 33, ළහිරු සමරකෝන් 25, සොනාල් දිනූෂ 27/3, නුවන් තුෂාර 21/2, අෂාන් ප්‍රියන්ජන් 28/2, අසිත ප්‍රනාන්දු 35/2) 
සී.සී.සී. පිල ඕවර 28.1 කදී - කඩුලු 8 ක් දැවී 162   
(මිනෝද් භානුක 76, පවන් රත්නායක 34, කමිඳු මෙන්ඩිස් 17, මල්ෂ තරුපති 42/4, ප්‍රවීන් ජයවික්‍රම 30/3) 


පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
යුද හමුදා පිලට කඩුලු 4 ක ජයක් 
මහනුවර රේගු පිල ඕවර 39.3 කදී - සියලු දෙනා දැවී 132 
(මලිඳු මදුරංග 18, ඉමාල් ලියනගේ 15, දේෂාන් ඩයස් 38, ඉමේෂ් උදයංග 27, සීක්කුගේ ප්‍රසන්න 24/4, මනුෂ්ක සමිත් 23/2) 
යුද හමුදා පිල ඕවර 36.1 කදී - කඩුලු 6 ක් දැවී 133 
(ෂෙහාන් ප්‍රනාන්දු 41, අසේල ගුණරත්න 23, පැතුම් කුමාර 47, යොහාන් මද්දගේ 17/2) 


කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලු 2 ක ජයක් 
පානදුර පිල ඕවර 39.1 කදී - සියලු දෙනා දැවී 130 
(හෂේන් රාමනායක 57, මිෂේන් සිල්වා 19, චමත් වික්‍රමසිංහ 19/4, මනෙල්කර් ද සිල්වා 15/2, ළහිරු මධුෂංක 22/2) 
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 41.2 කදී - කඩුලු 8 ක් දැවී 133 
(නිපුන් කරුණානායක 28, ළහිරු මධුෂංක නොදැවී 41, මනෙල්කර් ද සිල්වි 17, නිමේෂ් විමුත්කි 25/3, විෂ්ව ළහිරු 21/2, ටේ‍රවීන් මැතිව් 25/2) 


මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
බදුරලිය පිලට ලකුණු 15 ක ජයක් 
බදුරලිය පිල ඕවර 43.1 කදී - සියලු දෙනා දැවී 187  
(අයන සිරිවර්ධන 26, රනේෂ් සිල්වා 40, පර්වේස් රසූල් 69, චාමික කරුණාරත්න 24/3, අෂීන් ඩැනියෙල් 39/3, මතීෂ පතිරණ 46/2) 
එන්.සී.සී. පිල ඕවර 34.4 කදී - සියලු දෙනා දැවී 172  
(පැතුම් නිංස්සක 16, කමිල් මිෂාර 51, අහන් වික්‍රමසිංහ 52, චාමික කරුණාරත්න 25, නිර්මල රත්නායක 51/3, පර්වේස් රසූල් 34/2, රුචිර කෝෂිත 34/2) 


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එස්.එස්.සී. පිලට ලකුණු 86 ක ජයක් 
එස්.එස්.සී. පිල ඕවර 49.5 කදී - සියලු දෙනා දැවී 262  
(නිපුන් ධනංජය 19, ක්‍රිෂාන් සංජුල 49, චරිත් අසලංක 64, නුවනිඳු ප්‍රනාන්දු 29, දසුන් ශානක 28, සිතුම් දිසානායක 46/3, නිම්සර අතරගල්ල 62/3) 
ඒස් කැපිටල් පිල ඕවර 38 කදී - සියලු දෙනා දැවී 176   
(තනුක දාබරේ 39, කවිඳු ආමන්ත 28, රවිඳු රත්නායක 32, වනුජ සහන් 19, රොෂාන් ජයතිස්ස 18, දසුන් ශානක 17/2, චරිත් අසලංක 22/2, කවිඳු නදීෂාන් 32/2, ප්‍රභාත් ජයසූරිය 42/2) 


කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 3 ක ජයක් 
ගුවන් හමුදා පිල ඕවර 46.2 කදී - සියලු දෙනා දැවී 153 
(කෙමිර විජේනායක 43, ප්‍රබෝද ශ්‍රීමාල් 26, ගීත් කුමාර 28, රවීන් ද සිල්වා 29/4, දිලුම් සුදීර 35/2) 
ද්‍රවිඩ සංගම් පිල ඕවර 38.5 කදී - කඩුලු 7 ක් දැවී 154    
(රොන් චන්ද්‍රගුප්ත 30, නවෝද් පරණවිතාන 16, රවිඳු ප්‍රනාන්දු නොදැවී 50, දිල්ෂාන් මාන්නප්පෙරුම 31/2, මොවින් සුබසිංහ 32/2, චානක රුවන්සිරි 33/2) 


අදහස් (0)

ජනිත්ගේ තුන් ඉරියව් දස්කම් රාගම දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.