Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයග‍්‍රහණයටත් පුහුණුවක්...හුරුවක් ඕනෑ - කළුවිතාරණ

ජයග‍්‍රහණයටත් පුහුණුවක්...හුරුවක් ඕනෑ - කළුවිතාරණ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී හෙට (23 වැනිදා) ආරම්භ වන දෙවැනි සිවුදින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයන් ජයග‍්‍රහණය සොයා යා යුතු බව කණ්ඩයමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුදින නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

ලෝකය පුරාම පුහුණුකරුවන්ගේත් පොදු මතය වන්නේ ‘ඒ’ කණ්ඩායම් තරග ජයග‍්‍රහණය සඳහාම පවත්වන්නක් නොවන බවයි. ‘ඒ’ කණ්ඩායම් දෙකක් අතර තරගයේ තීරණය කුමක් වුවත් එවන් තරගයකදී අනාගතය සඳහා කී‍්‍රඩකයන් සොයාගත හැකි නම් එය වඩාත් ප‍්‍රයෝජනවත් බව පුහුණුකරුවෝ නිරතුරුවම පවසති.

එහෙත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පවසන්නේ ජයග‍්‍රහණය සොයා යාමටත් කී‍්‍රඩකයන්ට පුරුදු පුහුණු කළ යුතු වන හෙයින් මෙවන් තරග වලදී ජයග‍්‍රහණයද වැදගත් වන බවකි.

”ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවා හැටියට මගේ මූලික වගකීම වෙන්නේත් ජාතික කණඩායමට කී‍්‍රඩකයන් සැපයීමයි. ඒ කී‍්‍රඩකයන් පිතිකරුවන් හෝ පන්දු යවන්නන් විය හැකියි”

”ඒත් තරග ජයග‍්‍රහණය කරන්නේ කොහොමද කියන එකත් ඒ ගොල්ලන්ට පුරුදු පුහුණු කළ යුතුයි. ජයග‍්‍රහණය කිරීම පුරුද්දක්, ඒ කියන්නේ නිරන්තරයෙන් කෙරෙන දෙයක් විය යුතුයි....ඒකටත් පුහුණුවක්...හුරුවක් තියෙන්න  ඕනෑ” යයිද රොමේෂ් කළුවිතාරණ මහතා ඊයේ දඹුල්ලේදී පැවසීය.

මේ අතර ශී‍්‍ර ලංකා ‘ඒ’ නායක දිනේෂ් චන්දිමාල් තම කණ්ඩායම සහ හෙට තරගයට වූ සූදානම පිළිබඳ සුබවාදී ආකල්පයකින් පසුවෙයි.

”පළමු තරගය අපි හොඳින් කළා. ඒ තරයේදී අපේ පිතිකරුවන් හොඳින් කී‍්‍රඩා කළ නිසා දෙවැනි තරගයට යන්න කලින් අප කණ්ඩායමක් වශයෙන් ඉතාමත් හොඳ මානසික තත්ත්වයක ඉන්නවා” යයි ශී‍්‍ර ලංකා ‘ඒ‘ පිලේ නායකයා අද (22 වැනිදා) සවස දඹුල්ලේදී පැවසීය.

”අපි, ඒ කියන්නේ කණ්ඩායමත් කණ්ඩායමේ කළමණාකාරිත්වයත්, සෑම තරගයකටම යන්නේ දිනන්න බලාගෙනයි. පුහුණුවීමේ තරගයක් වුණත් ඒක එහෙමයි”

”නමුත් සමහර වෙලාවලදී අපේ කී‍්‍රඩකයන් අත්හදා බලන්න, මේ වගේ තරග යොදාගන්නවා. මොකද ජාතික කණ්ඩායමට යන්න කළින් මේ වගේ තරගයකදී ඔවුන් කොහොමද කී‍්‍රඩා කරන්නේ කියලා බලාගන්න එක ඉතාමත් වැදගත්” යයිද චන්දිමාල් පැවසීය.

මෙම තත්ත්වය සෙසු කී‍්‍රඩකයන්ට පමණක් නොව, නායක දිනේෂ් චන්දිමාල්ටද පොදුවූ කාරණයකි.

දිනේෂ් චන්දිමාල් යනු ශී‍්‍ර ලංකාවේ විස්සයි/20 ජාතික කණ්ඩායමේ නායකයාය. එසේ වුවත් ඔහු අන්තර්ජාතික මට්ටමේදී පළමු පෙළ තරග වල නායකත්වය දැරූ අවස්ථා අල්ප වූ හෙයින් පළමු පෙළ තරග වලදී නායකත්වයේ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව දීමේ අරමුණ ඇතිව මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට පත්කර තිබේ.

සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය අවලංගු වීම මෙන්ම පළමු පෙළ තරග වලදී ඔහුගේ පිතිහරඹය තරමක් දුර්වලව තිබීමත් චන්දිමාල් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට පත්වීමට අතිරේක හේතු විය.

මෙම කරුණු සියල්ලම නිසා අද ආරම්භ වන සිවුදින තරගය දිනේෂ් චන්දිමාල්ට නායකයකු මෙන්ම පිතිකරුවකු වශයෙන්ද දැඩි පීඩනයක් ඇති තරගයක් වනු නිසැකය.

”අපේ තරුණ කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතා මොනවාද කියා බලාගන්න මේ තරග හු`ගක් ප‍්‍රයෝජනවත් වෙනවා”
”අපට හොඳ තරුණ කී‍්‍රඩකයන් පිරිසක් ඉන්නවා. ඉතින් මා හිතන්නේ ඒ කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතා මේ තරගයේදීත් කි‍්‍රයාත්මක කරන්න පුළුවන් වුණොත් අපට හොඳ තරගයක් කළ හැකියි” යයිද චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අන්තර්ජාතික පළමු පෙළ තරගයක් පැවැත්වෙන්නේ දිගු කලකට පසුවය. දිනේෂ් චන්දිමාල් පවා මෙම කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කර නැති අතර මෙය රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ඔහුගේ පළමු තරගයයි.

වේග පන්දු යවන කී‍්‍රඩක මධුර ලක්මාල් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටින අතර ඊයේ සංචිතයට එක්වූ ළහිරු ගමගේ අද තරගයේදී බොහෝ විට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්වීමට ඉඩ තිබේ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අද පෙරවරුවේදී දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් කළ නමුත් හෙට තරගය සඳහා යොදවන අවසන් කී‍්‍රඩකයන් 11 දෙනාගේ සංයුතිය කුමන ආකාරයේ වේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොතිබිණ.


ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කෞෂාල් සිල්වා, දිනේෂ් චන්දිමාල්, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, මධුර ලක්මාල්, විමුක්ති පෙරේරා, නුවන් ප‍්‍රදීප්, අඛිල ධනංජය, ඉෂාන් ජයරත්න, උදාර ජයසුන්දර, තරිඳු කෞෂාල්, ඇන්ජලෝ පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, සචිත‍්‍ර සේනානායක සහ ළහිරු ගමගේ

 

නවසීලන්ත ‘ඒ’ සංචිතය
කාල් කැචොපා, ඇන්ටන් ඩෙවිසිච්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, ලූක් රොන්ච්, ටොඞ් ඇස්ට්ල්, ඩග් බ්‍රේස්වෙල්, ඉෂ් සෝදි, ඇඩම් මිල්න්, මාක් ගිලෙස්පි, ස්කොට් කුගෙලින්, ටොම් ලේතම් සහ මැතිව් හෙන්රි,

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (1)

ජයග‍්‍රහණයටත් පුහුණුවක්...හුරුවක් ඕනෑ - කළුවිතාරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.