Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ටෙනිස් ශූරිය අනීකා

ජාතික ටෙනිස් ශූරිය අනීකා

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අනීකා සෙනෙවිරත්න අද (1 වැනිදා) සමත් වූවාය. කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස අංජලිකා කුරේරා පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය.

අංජලිකා කුරේරා

අනීකා ජාතික ටෙනිස් ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය සටහන් විය. අවසන් තරගයේ පළමු වටයේදී ලකුණු 6/1 ක පහසු ජයක් ලබූ අනීකා, දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත්තේ අංජලිකා සමග පැවැති කරට කර සටනකින් අනතුරුවය.

ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේදී ජාතික ශූරිය බවට පත් වූ මේදිරා සමරසිංහ, උසස් පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවූවාය.

ජනාලි මනම්පේරිට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/0, 6/0) ජයක් වාර්තා කරමින් අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. අංජලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/0) ඔනෙලි පෙරේරා පරාජය කරමිනි.


අවසන් මහ තරගය
අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස අංජලිකා කුරේරා පරාජය කරන ලදි. (6/1, 6/3)

අවසන් පූර්ව වටය
අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/0, 6/0)
අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරන ලදි. (6/1, 6/0)

 


අදහස් (0)

ජාතික ටෙනිස් ශූරිය අනීකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.