Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 66 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය අද (29 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. දින 6 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.
ක්‍රීඩාවේ ගුණාත්මක බව වර්ධනය කිරීම වෙනුවෙන් මෙවර තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකම වර්ණයෙන් යුත් ක්‍රීඩා ඇදුම් භාවිතා කිරීමටත්, යුගල තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකා යුගලයට එකම වර්ණයෙන් යුත් ඇදුම් භාවිතා කිරීමටත් බැඞ්මින්ටන් සංගම කටයුතු යොදා තිබේ.
එහිදී වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ යන වයස් කාණ්ඩවල කනිෂ්ඨ තරගකරුවන් සඳහා බාලක සහ බාලිකා යන අංශ දෙකෙන්ම කේවල සහ යුගල තරග පැවැත්fවේ. ජ්‍යෙෂ්ට තරගකරුවන් සඳහා පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම විවෘත කේවල සහ විවෘත යුගල තරග පැවැත්වේ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා අවසන් පූර්ව වටයේ සිට සහතිකපත්, පදක්කම් සහ ත්‍යාග ප්‍රධානය කෙරෙන කෙරෙන අතර ඊට මුදල් ත්‍යාගද ඇතුළත් වේ. පිරමිඞ් විල්මාර් සමාගම සහ යොනෙක්ස් සන්රයිසස් සමාගම මෙවර තරගාවලියේ අන්‍රග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.