Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා කේවල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ ඊයේ (13 වැනිදා) සමත්වූවාය.
අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කරමින් මේදිරා සමරසිංහ ශූරතාවට හිමිකම් කීවාය.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජය කරමින් මේදිරා සමරසිංහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තාය. නෙත්මි වඩුගේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස හසිඳි ලොකුගේ පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස ප‍්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් වන භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ නිල පන්දු සැපයුම් කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කළේය.
වයස 18 පහළ බාලිකා අවසන් තරගය
මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කරන ලදි. (6/3, 6/0)
වයස 18 පහළ බාලිකා අවසන් පූර්ව වටය
මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජය කරන ලදි. (7/6, 7/6)
නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස හසිඳි ලොකුගේ පරාජය කරන ලදි. (6/1, 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.