Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක ශුරතාව දිනාගැනීමට නිෂාංගන් නඩරාජා අද (14 වැනිදා) සමත්විය.
අවසන් තරගයේදී තරග වට 2-0 ක් ලෙස අවිශ්ක පෙරේරා පරාජය කරමින් නිශාංගන් ශූරතාවට හිමිකම් කීවේය.
අනීෂ් විජේසිංහ පළමු අවසන් පූර්ව තරගය අතරමැදී ඉවත්වීමෙන් නිතරග ජයක් ලබා නිෂාංගන් නඩරාජා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. අවිශ්ක පෙරේරා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ලෙස චෙහාන් ප‍්‍රනාන්දු පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස ප‍්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් වන භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ නිල පන්දු සැපයුම් කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කළේය.
වයස 18 පහළ බාලක අවසන් තරගය
නිශාංගන් නඩරාජා විසින් තරග වට 2-0 ක් ලෙස අවිශ්ක පෙරේරා පරාජය කරන ලදි. (6/2, 6/2)
වයස 18 පහළ බාලක අවසන් පූර්ව වටය
නිශාංගන් නඩරාජා විසින් අනීෂ් විජේසිංහ පරාජය කරන ලදි. (අනීෂ් විජේසිංහ තරගය මැදදී ඉවත් විය)
අවිශ්ක පෙරේරා විසින් තරග වට 2-1 ලෙස චෙහාන් ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (3/6, 6/4, 6/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.