Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය ඉකුත්දා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලිය මෙම 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය කණිෂ්ඨ, විවෘත සහ රෝදපුටු ලෙස කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. කණිෂ්ඨ තරග 21 වැනිදා දක්වාත්, විවෘත සහ රෝදපුටු තරග මෙම 12 වැනිදා සිට 21 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.
කණිෂ්ඨ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් පමණ සහභාගී වන අතර එහිදී බාලක සහ බාලිකා දෙඅංශයෙන් 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ ලෙස තරග පැවැත්වේ.
|
විවෘත තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ යන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ක් පමණ සහභාගි වීමට නියමිතය. රෝදපුටු තරගාවලියට පිරිමි කේවල සහ පිරිමි යුගළ තරග ඉසව් පමණක් ඇතුළත් වේ.
ඉකුත් වසරේ පැවති 100 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේදී අවින්ද්‍ර පෙරේරා සහ නෙත්මි වඩුගේ කනිෂ්ඨ අංශයේ කේවල ශූරතා දිනා ගත්හ. දිනේෂ් කාන්තන් තංගරාජා සහ තිසුරි මොල්ලිගොඩ එම තරගාවලියේ විවෘත අංශයේ කේවල ශූරතා දිනාගත් අතර ගාමිණී දිසානායක රෝද පුටු ටෙනිස් ශූරතාව දිනා ගත්තේය.
මෙවර තරගාවලියේදී විවෘත පිරිමි කේවල ශූරතාවට ළංව සටින්නේ ශාමල් දිසානායක, යසිද ද සිල්වා, සංඛ අතුකෝරල, හීරා ආෂික් සහ තන්වීර් ආෂික් වැනි ක්‍රීඩකයන්ය.
අම්රිතා මුත්තයියා, තිසුරි මොල්ලිගොඩ, මේදිරා සමරසිංහ, රොෂෙන්කා සිල්වා, තෙවුනි දේවරාජා සහ නෙත්මි වඩුගේ වැනි ක්‍රීඩිකාවෝ විවෘත කාන්තා ශූරතාවට ළංව සිටිති.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස බි්‍රටේනියා සමාගම කටයුතු කරයි. සම අනුග්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත්‍රයෝ සමාගම කටයුතු කරයි. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වන්නේ ඩන්ලොප් සමාගමයි.
(ඡායාරූපය - ශානුක අරවින්ද) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.