Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
|
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලිකා කේවල (වයස 18 පහළ) ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ සමත් වූවාය. ඒ අවසන් මහා තරගයේදී තරග වට 2-1 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරමිනි.
මේදිරා ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර ඇය 2014 වසරේදීද ශූරතාවට හිමිකම් කීවාය.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 3/6 ක් ලෙස ජයගැනීමට අනිකා සෙනෙවිරත්න සමත් වුවද, දෙවැනි සහ තෙවැනි වට පිළිවෙළින් ලකුණු 6/2 ක් සහ 6/1 ලෙස ජයගැනීමට මේදිරා සමත් වූවාය.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමින් අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර මේදිරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස ටාරා ග්‍රේග් පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස බි්‍රටේනියා සමාගම කටයුතු කරන අතර සම අනුග්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත්‍රයෝ සමාගම කටයුතු කරයි. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ඩන්ලොප් සමාගමයි.
බාලිකා කේවල අවසන් මහ තරගය
■ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදි. (3/6, 6/2, 6/1)
බාලිකා කේවල අවසන් පූර්ව තරග
■ අනිකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/4, 7/6)
■ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස ටාරා ග්‍රේග් පරාජය කරන ලදි. (6/0, 6/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.