Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ජය මුම්බායි පිලට

ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ජය මුම්බායි පිලට

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ශූරතාව දිනාගැනීමට මුම්බායි එමිරේට්ස් කණ්ඩායම සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 45 ක ජයක් වාර්තා කරමින් මුම්බායි ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 20 කට කඩුලු 2 ක්ද, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 24 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් ඩුබායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

ඩුබායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර නායක සෑම් බිලිංග්ස් පන්දු 29 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ජේසන් හෝල්ඩර් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් රැස්කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි එමිරේට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස්කළ අතර එහිදී ඇනඩි්‍ර ෆ්ලෙචර් (53) සහ නායක නිකලස් පූරන් (නොදැවී 57) අර්ධ ශතකය ලැබූහ. පන්දු 37 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක්ද, පන්දු 27 කදී වාර්තා වූ පූරන්ගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක්ද ඇතුළත් විය. 

මොහොමඩ් වසීම් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක්ද, කුසල් පෙරේරා පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඔවුන් දෙදෙනා එක්ව මුම්බායි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77 කි. 

මුම්බායි එමිරේට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 208
(මොහොමඩ් වසීම් 43, කුසල් පෙරේරා 38, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 53, නිකලස් පූරන් නොදැවී 57)

ඩුබායි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 163
(ටොම් බැන්ටන් 35, ටොමේ ඇබෙල් 14, සෑම් බිලිංග්ස් 40, ජේසන් හොල්ඩර් 24, ස්කොට් කුගිලීජන් නොදැවී 19, ටේ‍රන්ට් බෝල්ට් 20/2, විජයකාන්ත් වියස්කාන්ත් 24/2) 

-036 


අදහස් (0)

ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ ජය මුම්බායි පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.