Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සහ කතරගම එම්. කේ. නන්දසේන)
පළපුරුදු තරගකරුවන් ගණනාවක්ම අභිබවා යමින් 46 වැනි (2020) ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි (රේසින්) තරගයේ රන් පදක්කම දිනා ගත් දකුණු පළාතේ තරිඳු සඳරුවන් ජාතික මට්ටම් සිය පළමු පාපැදි ජයග්‍රහණයට හිමිකම් කීවේය.
තරගකරුවන් 186 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගය අද (29) කතරගමදී නිමාවට පත් විය.
ආරම්භයේ සිට පෙරමුණ ගත් තරිඳු සඳරුවන් රිදී පදක්කම හිමිකර ගත් සුරංග රණවීර හා තියුණු සටනක නිරත වෙමින් කිලෝමීටර 158.8 ක් මග ගෙවා දිණුම් කණුව කරා පැමිණියේ පැය 3 විනාඩි 40 තත්පර 34ක කාලයක් ගත කරමිනි. එහිදි තත්ත්පරයක ප්‍රමාදයෙන් බස්නාහිර පළාතේ සුරංග රණවීර දෙවැනි ස්ථානයට පත්විය. කෙසේ වෙතත් මෙම තරගයේ වේගවත්ව ධාවකයා ලෙස නම් කරන ලද්දේ සුරංග රණවීරය. තරගකරුවන්ගේ වේගය පැයට කිලෝමීටර් 43 ක සාමාන්‍ය වේගයක් ගත්තේය.
රන් පදක්කම්ලාභී තරිඳු සඳරුවන් 24 හැවිරිදි ක්‍රීඩකයකු වන අතර පසුගිය 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයේ පස් වැනි ස්ථානය ලබාගත් ක්‍රීඩකයයි. ඔහුගේ දස්කම් හමුවේ මෙවර පසුබමට ලක්වූ නමගිය පාපැදි ශූරයන් අතර ගියවර තරගය ජයගත් අවිශ්ක මැඩොන්සා මෙන්ම නොබෝදා අවසන් කළ 22 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගත් සෙනොල් ද සිල්වා ත් වූහ.
ඔවුන්ට මෙම තරගයේදී මුල් පෙලේ ස්ථානයක් හිමි නොවූ අතර මෙවර තරගය නිමා කළ තරගකරුවන්ගේ මුළු ගණන 110කි. කතරගම නව නගරයෙන් ආරම්භ වී සෙල්ල කතරගම, රජ මාවත, ලුණුගම්වෙහෙර මංසන්ධිය හරහා නැවත තුනේ කණුව, අටේ කණුව, 13 කණුව, ගම් උදාව ඔරලෝසු කණුව හරහා කතරගම නව නගරයට පැමිණීමේ වට හතරකට පසුව (වටයක් කිලෝමීටර් 39.7) 2020 ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගය නිමාවට පත්විය. දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානයවූ පාපැදි තරගයේ අවසානය දැකබලා ගැනීමට කතරගම නව නගරයට අති විශාල ජනතාවක් රැස්වසිටීම කැපී පෙනුණි.
සිය මුල්ම ජාතික පාපැදි තරග ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රන් පදක්කම්ලාභී තරිඳු සඳරුවන් ‘ලංකාදීප’යට පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරග නොමැතිවීමෙන් කනස්සල්ලට පත්ව සිටි පාපැදි තරගකරුවන් මෙම පාපැදි තරගය පැවැත්වීමෙන් නැවත දැඩි
උද්යෝගයට පත්ව සිටින බවයි.
‘‘යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් මට සියලු පහසුකම් ලැබෙනවා. මාගේ වත්මන් පුහුණුකරු මධුර රාජපක්ෂ මහතාට වගේම මගේ පාපැදි තරග දිවියේ ආරම්භක පුහුණුකරු ලෙස කටයුතු කළ කුෂාන් ප්‍රියංක මහතාටත් මම මේ අවස්ථාවේ කෘතවේදී වෙනවා. ඉදිරියේදී තව තවත් තරග දිනන්න මට මේ ජය විශාල පිටුවහළක් වෙන බව විශ්වාසයි’’ යයිද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
තරගකරුවන්ගේ වේගය ගුවන් හමුදා පාපැදි සවාරිය හා සමාන අගයක් ගත් බවත් සුනඛයෙකු පාර හරහා යාමෙන් ඇතිවූ සිදුවීමකදී තරගකරුවෙකු සුළු තුවාල ලැබීම හැරෙන්නට තරගය සාර්ථකව අවසන් කිරීමට හැකිවූ බව තරගයේ ප්‍රධාන තීරක උපුල් චන්දන ප්‍රියනාත් මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
ජාතික මහ ක්‍රීඩා උළෙලේ 2020 පාපැදි තරගාවලිය මෙවර රේසින් කාණ්ඩයට පමණක් සීමා විය. අනුරාධපුරයේදී පැවැති 2019 තරගාවලියට ‘ස්ටෑන්ඩඩ්’ කාණ්ඩයෙන්ද ඉසව් පැවැත්වුණි.
ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් මෙවර කතරගමදී පැවැති මැරතන්-ඇවිදීම-පාපැදි තරග මාලාව අද පස්වරුවේදී නිමාවට පත්විය.
පාපැදි තරගයට තරගකරුවන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියත් ඇවිදීම හා මැරතන් ඉසව්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබුණි. ඇවිදීම (කාන්තා) ඉසව්ව සඳහා සහභාගිවූයේ ක්‍රීඩිකාවන් 21 දෙනකු පමණි. ඉන් 14 දෙනෙකු පමණක් තරගය නිමාකර තිබේ.
පාපැදි - (පිරිමි) තරගයේ ප්‍රතිඵල - (සම්පූර්ණ දුර කිලෝමීටර් 158.8)
1. තරිඳු සඳරුවන් (දකුණ-පැය 3.40 විනාඩි 40 තත්පර 34)
2.සුරංග රණවීර (බස්නාහිර 3.40.42)
3. කුෂාන් රාජපක්ෂ (බස්නාහිර-4.30.42)
4. ෂෙනාල් චමෝද් ද සිල්වා (බස්නාහිර-3.42.53)
5. සංජු දීමන්ත (3.42.53)
6. සුරේෂ් ප්‍රසංග (3.42.53-දකුණ)
7. නිරාන් පසිඳු (3.42.53-බස්නාහිර)
8. ඒ.පී. නිෂාල් ලංකා (දකුණ-3.42.53)
9. චරිත් ප්‍රනාන්දු (බස්නාහිර-3.42.53)
10. ජීවන් ජයසිංහ (බස්නාහිර 3.42.53)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.