Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජායි රිචඩ්සන් වෙනුවට කේන් රිචඩ්සන් නම්කරයි

ජායි රිචඩ්සන් වෙනුවට කේන් රිචඩ්සන් නම්කරයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන සඳහා නම්කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ජායි රිචඩ්සන් ඉවත්කර ඔහු වෙනුවට කේන් රිචඩ්සන් සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව 8 වැනිදා පියවර ගත්තේය.

පසුගිය මාර්තු මාසයේ පාකිස්තානයට එරෙහිව එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලියකදී උරහිසේ ආබාධයකට ලක්වූ ජායි රිචඞ්සන් මේ මස අවසානයේදී පැවැත්වෙන ලෝක කුසලාන සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබුණි. නමුත් අද පැවැති පරීක්‍ෂණයදි තවමත් ඔහුගේ ආබාධය සුවවී නොමැති බව වෛද්‍යවරුන් දැන්වීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන බලාපොරොත්තු අහිමිකර ගැනීමට සිදුවිය.

මෙම පුවත කණ්ඩායමට මෙන්ම ජායි රිචඞ්සන්ට නිසැක වශයෙන්ම කළකිරවන ආරංචියක් බව කණ්ඩායමේ භෞතචිකිත්සක ඩේවිඩ් බීක්ලි මහතා පැවසීය.

බොහෝ කාලයක් වේගපන්දු බලඇණියේ පෙරමුණගත් ජොෂ් හේසල්වුඩ් ගැන සලකා බැලුවද ජනවාරි මාසයේ සිට ඔහුද පිට කොන්දේ ආබාධයකින් පෙළෙමින් සිටිම හේතුවෙන් ජායි රිචඩ්සන් වෙනුවට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව කේන් රිචඩ්සන්ට හිමිවිය.

ලබන අගෝස්තු මාසයේදී එංගලන්තය සමගින් පැවැත්වෙන අළුබඳුන තරගාවලිය සඳහා හේසල්වුඞ් එක්කර ගැනීමට හැකිවෙතැයි තේරීම් කමිටු ප්‍රධානී ට්‍රෙවර් හෝන්ස් මහතා පැවසීය.

 

 


අදහස් (0)

ජායි රිචඩ්සන් වෙනුවට කේන් රිචඩ්සන් නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.