Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබ ඇත. ඇයට ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට අවස්ථාව උදා වී ඇත්තේ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දක්ෂතා හේතුවෙනි.
චමරිට අමතරව ඉන්දීය ක්‍රීඩිකාවන් වන ෂෆාලි වෙර්මා සහ ස්මි්‍රති මන්දනාද මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ. කෙසේ වුවත් එහිදී ඔවුන් දෙදෙනා පරාජය කරමින් තෙවැනි වරටත් එම සම්මානයට හිමිකම් කීමට චමරි සමත් වූවාය. චමරිට අමතරව මෙම සම්මානය තෙවරක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ඈෂ්ලි ගාඞ්නර් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් පමණි.
මෙවර කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ චමරි, එහිදී ලකුණු 304 ක් රැස්රීමට සමත් වූයේ 101.33 ක සාමාන්‍යයක් සහ 146.85 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. ඊට මැලේසියාවට එරෙහිව ලබාගත් ශතකයක් මෙන්ම පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහිව ලබාගත් අර්ධ ශතක දෙකක්ද ඇතුළත් විය.
“තෙවැනි වරටත් මාසයේ හොඳම ක්‍රීඩිකාව ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව හුඟක් සතුටට පත්වෙනවා. කණ්ඩායමේ සාමාජිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගය ඇතිව මගේ උත්සාහය සඳහා එවැනි පිළිගැනීමක් ක්‍රිකට් ලෝකය විසින් අඛණ්ඩව ලබාදීම සතුටට කරුණක්.”
“මෙම පිළිගැනීම මේ වන විට මගේ රටේ සහ වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩා කරන සහ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන ගැහැණු ළමයින් දහස් ගණනකට ධනාත්මක පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ මගින් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන දායකත්වය සහ කැපවීම යම් දිනක ප්‍රතිඵල ලබන බව ඔවුන් දැනගනීවි.” යැයි චමරි පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.